ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව මාර්ගගත ක්‍රමය ඔස්සේ (online) සහතික පත්‍ර නිකුත් කිරීම පෙරේදා (11දා) සිට ආරම්භ කළේය.

අධ්‍යාපන අමාත්‍ය අකිල

විරාජ් කාරියවසම් සහ විභාග කොමසාරිස් සනත් පූජිත යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් බත්තරමුල්ල ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තූවේදි එය සිදුකෙරිණි. ඒ අනුව එහි මුල් අදියර යටත්තේ අ.පො.ස. (සා.පෙළ) සහ අ.පො.ස. (උ.පෙළ) විභාග සහතික මේ ආකාරයට මාර්ගගත ක්‍රමය ඔස්සේ නිකුත් කිරීමට කටයුතු කර ඇත.

මාර්ගගත ක්‍රමය ඔස්සේ (online) විභාග සහතික පත්‍ර ඉල්ලුම් කරන ඉල්ලුම්කරුවන්ට පැය 48ක් ඇතුළත සහතික පත්‍රය ලබා ගැනීමට අවශ්‍ය පහසුකම් සලසා ඇති බවත්, ඒ සඳහා තැපැල් දෙපාර්තමත්තුවේ ස්පීඩ් පොස්ට්ව යොදාගන්නා බවත් තැපැල්පති රංජිත් ආරියරන්ත මහතා එහිදී පැවසීය.

මීට සමගාමීව ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුවේ නව
වෙබ් අඩවිය (www.doenets.lk) හඳුන්වාදීමද සිදුකෙරිණි.