https://www.gossiplankanews.com/2019/06/58-322-bangladesh.html

ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ මේ වනවිට කෑපී පෙනෙන නැගී එන කණ්ඩායම බවට පත්ව ඇත්තේ බංගලි දේශයයි. ඔවුන් ස්ථාවර ලෙස ආක්‍රමණශීලී ලෙස තරග ජයගන්නා ආකාරය ක්‍රිකට් ලෝකය තුළ කතාබහට ලක්ව ඇත.
ඊයේ ටවුන්ටන්හි පැවති තරගයේදී මුලින් පන්දුවට පහරදී බටහිර ඉන්දීය කොදෙව් පිල
ලබාගත් 321 විශාල ඉලක්කය ඕවර 41.3 කදී කඩුළු 3 ක් පමණක් දැවී පසුකරයන්නට බංගලිදේශ කණ්ඩායම සමත්විය. ඒ සඳහා ෂකීබ් ලබාගත් 124 හා ලිටන් ලබාගත් 94 බෙහෙවින් ඉවහල් විය.
කාලයක් ක්‍රිකට් ලෝකයේ කොන්වූ කණ්ඩායමක් බවට පත්ව තිබුණ බංගලිදේශය මේ වනවිට කවුරුත් කතාබහ කරන මට්ටමට

පැමිණ තිබෙන අතර  දක්ෂතා වලින් ඉදිරියට පැමිණ ඇත.
2011 ලෝක කුසලානය ඉන්දියාව-ශ්‍රී ලංකාව හා බංගලිදේශයේ පවත්වද්දී බටහිර කොදෙව්වන් සමග බංගලිදේශය ඩකාහිදී තරග වැදුණ අවස්ථාවේ බංගලිදේශය ලකුණු 58 ක් පමණක් ලබාගෙන සියල්ල දැවීයාම විශේෂ කාරණාවකි. එහිදී බටහිර කොදෙව්වන් පන්දු යවන්නන් 3 ක් පමණක් යොදාගෙන බංගලියන් ඉවර කර දැමූ අතර ඉතා පහසුවෙන් එම ඉලක්කය ජයගන්නා ලදි.
මෙම තරගයෙන් පසු කොදෙව්වන් හෝටලයට යමින් සිටියදී බංගලිදේශ ප්‍රේක්ෂකයින් කොදෙව්වන්ගේ බස්රථයට ගල්මුල් එල්ල කිරීමද අප්‍රසන්න සිදුවීමකි.
මින් ඉහත ලකාවේදීද බංගලිදේශ ක්‍රීඩකයින් ක්‍රීඩාගාරයක් විනාශ කළ අයුරු මතකයේ තිබේ. මොවුන්ගේ විනය සම්බන්ධ ගැටලු උග්‍රය. නමුත් හිටිතැනින් ඉහළට ඉතා ඉක්මණින් ගමන් කර ඇත්තේ නොනැවතුණ උත්සාහය නිසාය.
2011 තරගයේ හා ඊයේ තරගයේ සටහන් පහත පරිදිය.