https://www.gossiplankanews.com/2019/05/sword-sri-lanka-china-why-import.html
සුගිය 21 වනදා සිදුවූ බොම්බ ප්‍රහාර මාලාවෙන් පසු ආරක්ෂක අංශ දිවයින පුරා සෝදිසි කිරීම් වැඩි වෙද්දී  එකදිගට කඩු රැසක් විවිධ ස්ථානවලින් සොයාගන්නා ලදි.
 මුස්ලිම් ජාතික පුද්ගලයින්ගේ නිවෙස් වලින් මෙන්ම කොල්ලුපිටිය ප්‍රදේශයේ පල්ලියකින් කඩු 38ක්ද මාලිගාවත්ත පල්ලියක ළිඳේ තිබී කඩු 58ක්ද ආදී වශයෙන් විශාල වශයෙන් කඩු තොග හමුවිය.
මේ ගැන හළීම් ඇමතිවරයා කියා සිටියේ
ඒවා ගෙනාවේ කැලෑ කපන්න බවයි.

මේ ගැන මාධ්‍යවේදියෙකු හා මුස්ලිම් සංවිධාන නායකයෙකුවූ අමීන් මහතා කියා සිටියේ ගෑනු ළමයි ආරක්ෂා කරන්න කඩු තබාගත් බවයි.

පල්ලි රැසක තිබී කඩු කිණිසි පිහි රාශියක්ද සොයා ගැනීම නිරන්තරයෙන් වාර්තාවීම ජාතීන් අතර අසමගියට හේතුවනු ඇතැයි කියමින් රජය එම පුවත් මින් පසු වාර්තා නොකරන ලෙසද ඉල්ලා තිබුණි.
මේ පිහි සහ කඩු අයි.එස්. ප්‍රහාරයක තවත් කොටසක් වනු ඇතැයි යන්න ඒ ගැන අවධානය යොමු කළ බොහෝ අයගේ සැකයට හේතුවූ අතර ඒ සමග පැවති බිය තවත් වර්ධනය විය.

නමුත් මේ ගැන පොලිසිය සිදු කරන විමර්ශනවලදී මෙම කඩු බොහොමයක් පල්ලි වලට ලබාදීමට අදාල හේතු මේවන විට අනාවරණය කරගෙන තිබේ.
 මහනුවර දිගන ප්‍රදේශයේදී ඇතිවූ සිංහල මුස්ලිම් ගැටුමට පසුව ඔවුන් එම ප්‍රහාර තම පල්ලිවලටත් එල්ලවනු ඇතැයි සැකයෙන් මුස්ලිම් පල්ලිවලට සම්බන්ධ කිහිපදෙනෙකු ඒවාට සූදානම් වීමේ අවශ්‍යතාව දන්වා ඇති අතර ඊට සූදානම් වීමක් ලෙස මෙම ආයුධ ආනයනය කර තිබේ.

විසි කැති ගෙන්වන මුවාවෙන් මෙම කඩු මෙරටට ආනයනය කර ඇත්තේ චීනයේ සිටය. එලෙස එකම වර්ගයෙන් ගෙනා කඩු සියල්ල තෝරාගත් මුස්ලිම් පල්ලි සඳහා ලබාදී ඇත.
මීට අමතරව තවත් පිරිස් කම්මල් වල උදව්වෙන් පිහි කිණිසි සකස්කරගෙන ළඟ තබාගෙන ඇති අතර ඒ යම් ප්‍රහාරයක් එල්ල වුවහොත් ඊට ප්‍රතිප්‍රහාර එල්ල කිරීමට බව වාර්තාවී තිබේ.