ඊයේ 12 ඉරිදා බටහිර අප්‍රිකාවේ පිහිටි රටක් වන බුර්කිනා ෆාසෝහි Dablo නුවර කතෝලික පල්ලියකට
කඩාවැදුණ වෙඩික්කරුවන් පිරිසක් එල්ල කළ

ප්‍රහාර නිසා 6 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙන බව වාර්තා වෙයි.
උතුරුදිග බුර්කිනා ෆාසෝහි පිහිටි Dablo නුවර කතෝලික පල්ලිය වෙත 20-30 ක් පමණ ආක්‍රමණිකයින් පිරිසක් සන්නද්ධව පැමිණ වටකර පහරදුන් බව කියැවේ.
මරණ 6 ක් වාර්තාවූ බවත් ආසන්නයේ පිහිටි ගොඩනැගිලිවලට ගිනි ගැනීම් පැතිරුණ බවත් වාර්තා විය.
මියගිය එක් අයෙකු කතෝලික පූජකතුමෙකු බවද වාර්තා විය.
ප්‍රහාරයේ වගකීම මෙතෙක් කිසිවෙකු භාරගෙන නැත.