https://www.gossiplankanews.com/2019/05/kurunegala-doctor-story.html#more
ත්කම් ඉපැයීම අසාමාන්‍ය බව දක්වමින් අත්අඩංගුවට පත්වූ කුරුණෑගල රෝහලේ ප්‍රසව හා නාරිවේද වෛද්‍ය මොහොමඩ් සාෆි නමැත්තා පිළිබඳව මේ වනවිට මාධ්‍ය තුළ පළවන අදහස් සත්‍යය මෙන්ම සත්‍යය දැයි සැක මතුවන ඒවා බවට හඳුනාගන්නට ලැබේ.
මෙම කතාව පසුපස දේශපාලන බළල් අත් ක්‍රියාත්මක වන බවට මුල සිටම ලැබුණු හෝඩුවාවන් මත මෙම සැකයන් පහළවී ඇත.
වෛද්‍යවරයා අත්අඩංගුවට පත්වීමටත් පෙරම පොලිසියද නොදැන 'දිවයින' පුවත්පත මෙම වෛද්‍යවරයා සිසේරියන් සැත්කම් කරන අතරවාරයේ
වඳ සැත්කම් කරන්නෙකු බවට හෙළිදරව් කිරීමත් එවැන්නෙකු අත්අඩංගුවට ගන්නට යන බව හෙළිකිරීමත් නිසා පළමු සැකය පැනනැගුණි.
එම පුවත පළවන අවස්ථාව වනවිට වෛද්‍යවරයා ගැන රෝගීන්ගෙන් කිසිදු පැමිණිල්ලක් හෝ ලැබී නොතිබුන අතර එම වාර්තාවේ දැක්වුනේ වෛද්‍යවරයා එම වඳ කිරීම් ගැන තම හිතවතුන් දැනුවත් කර තිබූ බව පමණකි.

දිවයින පුවත පළවී දින දෙකතුනක් යන්නට මත්තෙන් කුරුණෑගල රෝහලෙන් වෛද්‍ය  ෂාෆි පොලිස් අත්අඩංගුවට ගැනුනේ වත්කම් අසාමාන්‍ය ලෙස ඉපැයීමක් ගැන දක්වමිනි.
මෑත කාලීන ශ්‍රී ලංකාවේ වත්කම් අසාමාන්‍ය ලෙස උපයා ඇති අය සිය දහස් ගණන් සිටියදී මෙම වෛද්‍යවරයා අත්අඩංගුවට ගත්තේ ඒ නිසා බව පොලිසිය දැන්වීම තුළද පොලිසිය ගැන සැකයක් මතුවේ.එනම් වඳ සැත්කම් හේතුවට වෛද්‍යවරයා ඇල්ලුවේය යන්න පොලිසිය සැඟවූයේද යන්නයි. සංහිඳියාව හෝ අනවශ්‍ය කලබල

වැළැක්වීමේ අරමුණු මත පොලිසිය ඇතැම්විට මෙවැනි හේතුදැක්වීම් සිදු කරන්නට ඉඩ තිබේ.

කෙසේ වෙතත් වෛද්‍යවරයා පිළිබඳ ගින්න ඇවිළෙන්නේ කුරුණෑගල රෝහලේ ප්‍රධානීන් ඒ ගැන උනන්දුවෙන් යුතුව මාධ්‍ය වෙත කරුණු කීම නිසාය. වෛද්‍ය ෂාෆි සිසේරියන් සැත්කම් අතර වඳ කිරීම් සිදු කරන්නට ඇති නම් ඒ ගැන සොයා බලා වරදකරු කළ හැකි බවත් මාධ්‍ය වෙත සහතික වෙමින් එම බලධාරීන් කරුණු කීම නිසා මෙම ගැටලුව සංකීර්ණ තත්වයට පත්විය. කෙසේ වෙතත් මෙම බලධාරීන් ක්‍රියාකාරන්නේ දේශපාලන උවමනාවකට බවට චෝදනාවක්ද එල්ල විය.

මන්ත්‍රී විමල්ගේ හිතවත්කම් මත ඇවිළෙන ගින්නට පිදුරු දැමීමට මොවුන් ක්‍රියාකරන ලැදැයි චෝදනා එල්ලවී තිබුණි. මෙම වෛදයවරයා එජාපයේ මන්ත්‍රී ධූරයකට තරගවැදි පරාජය වූවෙකු වීම නිසා දේශපාලන හුටපටයක්ද තිබිණි.

ඒ අතරම  මේ ආකාර මාධ්‍ය හමු පැවැත්වීමට රෝහල් බලධාරීන්ට හැකියාවක් නැති බවත් සෞඛ්‍ය අමාත්‍යංශ ලේකම් වරයා ඒ ගැන වෙනම පරීක්ෂණයක් සිදු කරන බවටත් වාර්තා පළවිය.

සොරකමක් වාර්තා නොවී සොරෙකු යයි හංවඩුගසන්නට අවශ්‍ය අයෙකු අල්ලා මොහු සොරකම් කර තිබේ නම් දන්වන්නැයි ඉල්ලා සිටින පරිදි වෛද්‍යවරයා ගැන පැමිණිලි තිබේනම් ඉදිරිපත් කරන ලෙස ඉන්පසුව බලධාරීන් දන්වා සිටි අතර මෙම කතාවේ ඊළඟ සැකමුසු කාරණා පැනනගින්නේ ඉන් පසුවය.

අත්අඩංගුවට ගත් කුරුණෑගල රෝහලේ වෛද්‍ය සෙයිගු සිහාබ්ඩීන් මොහොමඩ් සාෆි නමැත්තා පිළිබඳව ඊයේ වන විට පැමිණිලි‍ 51 කට අධික සංඛ්‍යාවක් කුරුණැගල රෝහල වෙත ලැබී තිබේ.
රෝහල් අධ්‍යක්ෂ සරත් වීර බණ්ඩාර මහතා සඳහන් කළේ, ඉන් 46 ක් ඊයේ දිනය තුළ පමණක් ලැබී ඇති බවයි.
පැමිණිලි සටහන් කරගැනීම සඳහා නියෝජ්‍ය අධ්‍යක්ෂවරුන්, පරිපාලන නිලධාරීන්, ඇතුළු කණ්ඩායමක් අනියුක්ත කර තිබුණි.

ඊයේ එක් මවක දන්වා සිටියේ තමා මෙම වෛද්‍යවරයා පැලෝපීය නාලය ගලවනු දුටු බවයි. තවත් කාන්තාවක දන්වා සිටියේ වෛද්‍යවරයා 'වෙල්කම්' පානයක් ලබාදුන් පසු ඇස් අන්ධවූ බවයි.

මෙය දේශපාලන උවමනාවට ඇතිකරන ආන්දෝලනයක් නම් මෙම පැමිණිලි ව්‍යාජ ලෙස ඉදිරිපත්කිරීමටද ඕනෑතරම් අවස්ථාව ඇති බව මැදිහත්ව සිතන්නෙකුට තේරුම් යයි.

කෙසේ වෙතත් සියල්ල විද්‍යාත්මතකව ඔප්පු විය යුතුය. ඒ සඳහා ඇතැම් අය සඳහා 'ඩයි ටෙස්ට්' පරීක්ෂණය සිදු කළ යුතු සේම සිසේරියන් සැත්කම අවස්ථාවේ සිටි අනෙක් වෛද්‍යවරුන් හා හෙදියන් සාක්ෂි සැපයිය යුතුය.
කෙසේ වෙතත් පැමිණිලිවලින් 4 ක් ඔහු සමඟ සේවය කළ වෛද්‍යවරුන් විසින් ගොනු කර ඇති බවද වාර්තාවේ.ඔවුන්ද කරුණු කියන රෝගි කාන්තාවක ඇත්තටම වඳ සැත්කම බලෙන් කර ඇතිනම් එම කරුනු සනාථවනු ඇත.
මේ නිසා මේ සම්බන්ධයෙන් විශේෂ විමර්ශනයක් සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශ කණ්ඩායමක් අද කුරුණෑගල රෝහලට පැමිණීමට නියමිතය.
කෙසේ වෙතත් කුරුණෑගල ශික්ෂණ රෝහලේ ප්‍රසව හා නාරිවේද වෛද්‍ය මොහොමඩ් ෂාෆි මහතා සම්බන්ධයෙන් ඊයේ (27) පස්වරුව වන තෙක් ශ්‍රී ලංකා වෛද්‍ය සභාවට කිසිඳු පැමිණිල්ලක් ලැබී නැති බව ඔවුන් දන්වා තිබේ.
වෛද්‍යවරයෙකු සිය වෘත්තීය කටයුතු  වලදී සිදුකරන වැරදි හා රෝගීන්ට සිදුවන අසාධාරණකම් සම්බන්ධයෙන් රෝගීන්ට අවශ්‍ය ඕනෑම විටක ශ්‍රී ලංකා වෛද්‍ය සභාවට ලිඛිතව පැමිණිලි කළ හැකි නමුත් එවැන්නක් ආන්දෝලනයට පෙර හෝ ඉන්පසු මේ දක්වා සිදුව නැති බව දන්වා ඇත.
ඒ ආයතනය ගැන රෝගීන් දැනුවත්ව නොසිටියා යයි කෙනෙකුට තර්ක කළ හැකි නමුත් අඩු තරමින් ඕනෑම රෝහලක අධිකාරීවරයෙකු හෝ අධ්‍යක්ෂවරයෙකු වෙත රෝගියෙකුට පැමිණිල්ලක් සිදුකිරීමේ හැකියාව තිබිණි. නමුත් සැත්කම් 4000 ක් හෝ 8000 ක් සිදුවෙද්දීත් එසේ නොවීම තුළ සැකයක් ඇත.
වෛද්‍යවරයා සම්බන්ධයෙන්, පොලීසියට මේ වනවිට ලැබී ඇති පැමිණිලි සංඛ්‍යාව 15 කි.ඒවා සැත්කම් සම්බන්ධ ඒවාම නොවන බවද පොලිස් ආරංචි හෙළි කර තිබේ.
අදාළ වෛද්‍යවරයාගේ නමට ඇති ඉඩම් ඔප්පු 17 ක් ඇති අතර එම ඉඩම් කුරුණෑගල අවට ප්‍රදේශවල පිහිටා ඇත.
කෝටි 40 ක අධික වත්කමක් ඔහු සතු බවට පොලීසියට තොරතුරු ලැබී තිබූ අතර ඒවා කිසියම් අන්තවාදී හෝ ත්‍රස්තවාදී කණ්ඩායමක් මගින් ලැබී ඇත්දැයි ප්‍රශ්න කිරීමේ අරමුණින් ඔහුව අත්අඩංගුවට ගත් බව පොලීසිය ප්‍රකාශ කර තිබේ.