https://www.gossiplankanews.com/2019/05/gamini-hettiarachchi-passed-away.html
ප්‍රවීණ රංගන ශිල්පී ගාමිණී හෙට්ටිආරච්චි මහතා අද අභාවප්‍රාප්ත වූයේය. පසුගිය දිනවල ඇතිවූ රෝගී තත්වයෙන් පසු ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී අභාවප්‍රාප්ත වන විට ඔහු  68  වන වියේ පසු විය.
වේදිකා නාට්‍ය ටෙලි නාට්‍ය හා චිත්‍රපට ගණනාවක රංගනයෙන් දායකවූ ගාමිණි
කොළඹ නාලන්දා විදුහලේ

ආදි සිසුවෙකි. ඔහු මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍රයන් ගුරු කොට මුලින්ම වේදිකා රංගනයෙන් සිය කලා කුසලතාවයන් පෙන්නුම් කළේය. සරච්චන්ද්‍රගේ 'රත්තරන්' වේදිකා නාට්‍යය නිසා කලක් කථාබහට ලක් විය. අස්වැසුම,සිංහාවලෝකනය,විදු,අයෝමා, බහුබූතයෝ සහ කොස්තාපල් පුඤ්ඤසෝම ඇතුළු චිත්‍රපට නිසාද ප්‍රකට විය.
යශෝරාවය ටෙලිනාට්‍යය නිසා කලක් ඔහු අතිශය ජනප්‍රිය විය. මෑත කාලීන ටෙලි පරම්පරාව සමගද එක්ව 'සිදු' වැනි ටෙලි නාට්‍ය හරහා රංගනයට එක්වූ ඔහු සංකීර්ණ මෙන්ම සරල චරිත පවා ඉතා තාත්වික ලෙස ඉදිරිපත් කිරීම නිසා සම්මානයටද භාජනය වූ නළුවෙකි. නැගී එන නිළියකවූ ප්‍රතිභා හෙට්ටිආරච්චි ගාමිණීගේ දියණියයි.