එහිදී වෙඩි බෙහෙත් ග්‍රෑම් 900 ක්, බැටරි කෑලි කිහිපයක් සහ යුද හමුදා කෑම බඳුන් කීපයක් අඩංගුවට ගත් සැකකරුගේ නිවසින් සොයාගෙන ඇත. මෙම සැකකරු දික්හෙන විදුහලේ සිදුවීමට සැකපිට අත්අඩංගුවට ගත් සැකකරුගේ බාල සොහොයුරා වන අතර තේ වගාවේ නිරතව සිටින ඔහු මීට පෙර ආරක්ෂක අංශවලට
සම්බන්ධව සිටියේ දැයි පොලිසිය වැඩිදුර පරික්ෂණ පවත්වයි. බදුරලිය දික්හේන විදුහලේ ගොඩනැගිල්ලක් අසල අත් බෝඛ 13ක් තැබිමේ සිද්ධියට සැකපිට අත්අඩංගුවට ගත් මධුසංක හපුආරච්චි මේ වනවිට කොළඹ අපරාධ කොට්ඨාස බාරයේ රඳවාගෙන ප්‍රශ්න කෙරෙමින් පවතී.


බදුරලිය දික්හේන විදුහලේ ගොඩනැගිල්ලක් අසල අත් බෝම්බ 13ක් තැබීමේ සිද්ධියට සැකපිට අත්අඩංගුවට ගත් සැකකරුගේ සොහොයුරා වෙඩි බෙහෙත් සමග බදුරලිය පොලිසිය අත්අඩංගුවට ගෙන ඇත. මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ 31 හැවිරිදි අයකු බව පොලිසිය කියයි. දික්හේන විදුහලේ තිබි බෝමිබ සොයා ගැනීමෙන් අනතුරුව එම ප්‍රදේශයේ ශ්‍රී ලංකා යුද හමුදාව සහ පොලිසිය එක්ව කරන ලද සෝදිසි මෙහෙයුමකදී  මෙම වෙඩි බෙහෙත් සොයාගෙන ඇත.