https://www.gossiplankanews.com/2019/05/is-2013-sri-lanka.html
නිල්මිණි විජේදාස ලියු First Intel On Lankans Fighting With ISIS 2013 නමැති ලිපිය මගින් ලංකාවේ අයිඑස් ක්‍රියාකාරකම් 2013 සිට සැලසුම් කෙරුණ හැටි හෙළි කර තිබේ.
පහත පළවන්නේ ඒ ගැන විස්තරයකි.
සිරියාවේ (ISIS)ඉස්ලාමීය රාජ්‍ය සංවිධානය සමග එක්වී ශ්‍රී ලාංකිකයන් සටන් වදින බව, මෙරට හමුදා බුද්ධි අංශයේ අධ්‍යක්ෂ මණ්ඩලය (DMI)ඊශ්‍රාලය බුද්ධි අංශයෙන් මුල්වරට දැන ගන්නේ 2013 දී බව මේ වනවිට වාර්තාවේ.මෙයින් බුද්ධි අංශ අධ්‍යක්ෂ මණ්ඩලය  විමතියට පත් වූ බවද
කියැවිණි.
 එහෙත් ඔවුන් එම ISIS සන්නිවේදන පරීක්ෂා කරමින්  සෙවිල්ලෙන් ඉන්නට කණ්ඩායම් යොදවා තිබෙන්නේ දැන්ය. අයි.එස්.අයි.එස්. සංවිධානය ඩාබික් නම් වූ සඟරාවක් පළ කරන අතර එහි අබු ෂුරායිහ් අස් සිලානි නම් පුද්ගලයෙකුගේ ඡායාරූපයක් පළ වි තිබිණි.
ගලේවෙල ප්‍රදේශයේ පදිංචිව සිටි 37  හැවිරිදි විදුහල්පතිවරයකු වූ මොහොමඩ් මුෂින් ගර්හාස් නලිම් නම් එම තැනැත්තාට සංවිධානයෙන් ලබා දී තිබුණේ එම නම එය විය.
 ඔහු 2013 දී මක්කම වෙත පිටව ගියත් ආපසු පැමිණියේ නැත. මුලින්ම සිරියාවට ගොස් ඇත්තේ නලිම්ගේ වැඩිමල්

සහෝදරයා බව දැන ගන්නට ලැබිණි. ඔහුට පසුව ඔහුගේ  බිරිඳත්, මව දරුවන් හය දෙනකුගේ සමග බිරිඳගේ මව පියාත් ඔහුගේ බිරිඳගේ සහෝදරයෝ දෙදෙනාගේ සිරියාව බලා ගියහ.
නලීම්ගේ සොහොයුරාගේ දුව විවාහවී ඇත්තේ ලාංකීය සම්භවයක් ඇති ඕස්ට්‍රේලියානුවකු සමඟය. අරූෂ් නම් වූ එම තැනැත්නා අබ්දුල් ලතීෆ් මොහොමඩ් ජමිල් නම් පුද්ගලයකු සමඟ සම්බන්ධතා පවත්වාගෙන ගියේය. ඔහු මෙල්බන් හි ස්වින්බර්න්හි සරසවියෙන් 2013 රටෙන් පිටත්ව යෑමට පෙර පශ්චාත් උපාධියක් ලබා තිබුණි.
පළමුවෙන්ම පවුල් තුනක ශ්‍රී ලාංකිකයෝ 36 කගෙන් සමන්විත පිරිසක් සිරියාවේ සිටියහ. පසුව එම පිරිස 40 ඉක්ම වූහ. නලිම් 2015 දී ගුවන් ප්‍රහාරයකින් මිය ගියේය. ඉන් අනතුරුව ඇතැම් ශ්‍රී ලාංකීය සමාජ මාධ්‍ය භාවිතා කරන්නන්ගෙන් 1515 වෙත පමණ ඉක්මවා සහයෝගය පළවනු ශ්‍රී ලාංකීය බුද්ධි අංශ දුටුවේය.
මෙහිදී ප්‍රධාන කාර්යයක් ඉටු කළේ පරිගණක ක්‍රියාකාරකම්වල ශුරතාව දක්වන  අලුත්ගම පදිංචි ආධිල් නම් තැනැත්තෙකි. ඔහු වැඩි වශයෙන්ම ප්‍රචාරය කර හැරියේ ISIS කනිකාවල මෘදු පිටපත්ය.
විශේෂයෙන්ම විදුලි පණිවුඩ ඉන් යවනු ලැබීය. එම අවකාශය භාවිතා කර ඔවුන්ගේ රහස් පණිවුඩය ද යවනු ලැබීය.
එම සංවිධානයේ අනෙක් අය මෙන්ම ආධිල්ද තරුණ උගතෙක් වුයේය. ඔහු අන්තර්ජාලය තුළ සුවිශේෂ පුද්ගලයෙක් බවට පත් වුයේය. බුද්ධි අංශ පවසන ආකාරයට මූලික ක්‍රියාකාරකම් සිදු වුයේ මෙසේය.
සිරියාවේ ISIS සංවිධානයට සහයෝගය දෙන ශ්‍රී ලාංකිකයෝ එම සම්බන්ධතා ඔස්සේ බුද්ධි අංශයෙන් හදුනාගනු ලැබූහ. එය ඉතා කුඩා සමූහයක් වූ අතර ආරම්භයේදී හොඳින් සංවිධානයවී නොතිබිණි. එහෙත් ඔවුහු කලිෆ්වාදය හොදින් අධ්‍යයනය කර සිටියහ. දෙහිවල පල්ලියේ ඉමාම්වරයෙකු සමග ඔවූහු නිතර අන්තර් සම්බන්ධතා පැවැත්වූහ. එසේ වුවද ඔහු පසුව ඔවුන්ගේ ඇදහීමවලින් ඈත් වූයේය.

තනි සංවිධානයක් ලෙස ඔවුහු සමූහ ගත වූහ. කොළඹ 10 පදිංචි උමායිර් නම් තැනැත්තෙක් එම ජමාදෙයි මිලාකු ඊබ්‍රහීම් (JMI) සංවිධානයට නායකත්වය දුන්නේය.
අනෙක් මුස්ලිම්වරුනට වඩා වෙනස් ආකාරයට සිතු ඔවුහු හැලීමට ඕනෑ කමක් නැති මධ්‍යස්ථ මතධාරි සමුහයක් වූහ. ඇතැම් සාමාජිකයන්ට තම පවුල උදවිය සමඟ සිරියාවට සංක්‍රමණය වන්නට අවශ්‍ය විය. එහෙත් ඉස්ලාම් ධර්මය අධ්‍යයනය කොට එය අවබෝධ කර ගන්නට නිරණය කර ගත් පසුව උමායිර් හිත වෙනස් කර ගත්තේය.
පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරයට හවුල් සහෝදරයන් දෙදෙනකු වූ මොහොමඩ් ඊබ්‍රහීම් ඉහාමි අහමඩ් සහ මොහොමඩ් ඊබ්‍රහිම් ඉන්ෂාෆ් අහමඩ ජමිල් සමඟ සමබන්ධතා හදා ගන්නේ ව්‍යාපාර කටයුතු සහ පවුලේ බැඳීම් නිසාය. ඡමිල්ගේ පියා කොළඹ 12 පරණ යොන් වීදියේ සාප්පුවක් පවත්වා ගනිමින්  ව්‍යාපාරයක යෙදුනේය.
දරුවෝ මවුපියන් හරහා එකිනෙකා සමඟ මිත්‍රවී එකිනෙකා උනන්දු කරන්නට ගත්හ.
ඔවුහු ද ජමාදෙසි මිලාතු ඊබ්‍රාහිම් සංවිධානය (JMI) සමඟ සම්බන්ධතා පැවැත්වූවෝය. එහෙත් උමායිර්ගේ පාර්ශවය සහ ජමිල්ගේ පාර්ශ්වය අතර මත භේදයක් හටගත්ය. එහිදී ඊබ්‍රහීබ් සහෝදරයෝ ජමිල්ගේ දත්ත ගැනීමට කටයුතු කළේය.

ශ්‍රී ලංකාව තුළ යමක් කළ යුතු බව ඔවුහු විශ්වාස කළහ. ඊට JMI නායකයා එරෙහි වූයේය. ජමාදෙයි මිලාකු ඊබ්‍රහිම් සංවිධානයේ නව සාමාජිකයෙක් ඉන් පසු මොහොමඩ් සහ්රාන් මොහොමඩ් කසීම් 

සංවිධානයට හඳුන්වා දුන්නේය. තමන් හා එකම මතය දරන අයෙකු ලෙස ඔහු සහ්රාන් හදුනා ගත්හ. එහෙත් ඔහු නැගෙනහිරින් පැමිණි කෙනකු නිසා කොළඹ පදිංචි අනෙක් අය ඔහු ගැන වැඩි උනන්දුවක් නොදැක්වූහ.
කෙසේ වුවද සහ්රාන් ශ්‍රී ලංකා තවුහිත් ජමාද් සංවිධානයට විරුද්ධවී අලුත් ජාතික  තවුහිත් ජමාද් (National Thowheed Janath NTD) සමඟ එක් වුයේය.  (JMI) සංවිධාන සාමාජිකයන්ට සමාජ මාධ්‍යවල ඔහුගේ දේශනා පතුරවා හරින්නට අවශ්‍ය විය. එය කුරානයේ පාඨ අරගෙන ඒවා එයාට ඕනෑ විදියට අර්ථ දක්වනවං. ඊට මුලික වූ එක් අයෙක් කීවේය. 2017 මාර්තු මාසයේ දී කාත්තන්කුඩියේ ඇති වූ ගැටුමෙන් අනතුරුව සහරාන් යටිබිම් ගත වීය.
අපි දැන් විශ්වාස කරන විදියට ජමිල්, ඊබ්‍රහිම් සහෝදරවරුන්  එයා එක්ක සමබන්ධතා පවත්වා ගත්තා. ඒ කාලය ඇතුළත ප්‍රායෝගික හේතු නිසා එයාට උදව් කරලත් තියෙනවා. ඔහු  කීවේය. මං හිතන්නේ පාස්කු ඉරිදා ප්‍රහාරය JMI ටවත්  NTJ පිටවත් පටවන්න බෑ.
මොකද ත්‍රස්ත කණ්ඩායම ප්‍රධාන කණ්ඩායමෙන් වෙන් වුණා. සහරාන්ට හිටියේ ටික දෙනයි.  බුද්ධි අංශ 2016 අග දක්වා මෙම තර්ජන පිළිබඳව අවදියෙන්  පසු වුවද දේශපාලන නායකත්වය ISIS ගැන උනන්දුවක් දැක්වූයේ නැත.

මුස්ලිම් අන්තවාදීන්ගෙන් ජාතික ආරක්ෂාවට ඇති තර්ජන ගැන ද ඔවුහු නොසිතූහ. 2009 න් පසුව බුද්ධි ජාලය පශ්චාත් යුද කාලීන තර්ජන තුනක් පිළිබඳව රජයට අනතුරු  හැඟවූයේය. පළමු වැන්න එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදය නැවත මතු වීමට ඉඩ ඇති බවය. දෙවැන්න මුස්ලිම් අන්තවාදයයි. (එය හතර වැනි තැනෙන් මෙතැනට ආයේය.) තුන් වැන්න මානව වෙළඳාම සහ මත්ද්‍රව්‍ය  හෝ ඡාත්‍යන්තර අපරාධය. හතරවැන්න යටිබිම් ගත දේශපාලන වර්ධනයන්ය.

 2015 දක්වා සෑම අඟහරුවාදාවකම ආරක්ෂක අමාත්‍යංයේ බුද්ධි අංග සමීබන්ධීකර කමිටුවේ රැස්වීම් පැවැත්වීය. සෑම බදාදාවකම ජාතික ආරක්ෂක කවුන්සිලයේ සාකච්ඡා පැවැත්විණි. 2016 න් පසු ඡාතික ආරක්ෂක කවුන්සිලයේ රැස්වීම් දෙසතියකට වරක් දක්වා පවත්වන වාර අඩුවූයේය. ඇතැම්විට එම රැස්වීම පැවැත්වුණේ සති තුනකට වරක්ය. ඒවායේ දී බොහෝට අවධානය යොමු වූයේ මෑතක සිදුවූ අනතුරුදායක බවට වඩා එල්.ටී.ටී.ඊ.ය. ගැන ඇති හේතු විරහිත බියක්  කෙරෙහිය.
අපේ ගැටලුව වන්නේ අපි ආයුධ භාවිතය පිළිබඳ විපරමෙන්  මිදිලා පශ්චාත් ගැටුම් පිළිබඳ පරික්ෂාකාරි පිළිවෙතට පිවිසුණේ
නැති එකයි. 2013 ඔකබර් 26 වැනිදා දක්වා ජාතික ආරක්ෂාව  පිළිබඳ කවුන්සිලයේ රැස්වීම්වලට සහභාගි වූ නිලධාරියෙක්  කීවේය.  අපේ ආරක්ෂක පිළිවෙත යොමුවුණේ ආයුධ භාවිතය පිළිබඳ  පරික්ෂාවට. ඒක වැදගත් වුණේ හදුනාගන් ඉලක්කවලට එල්.ටී.ටී.  ප්‍රහාර එල්ල කරද්දී. අයි.එස්. වගේ මුස්ලිම් කණ්ඩායම්වලින්  එල්ලවන තර්ජනවලදි සතුරාව හදුනා ගන්න බෑ.

අපි දැන් සුපරික්ෂාකාරි පිළිවෙලකට යොමුවිය යුතුයි.  බුද්ධිමය යාන්ත්‍රණයට තවත් සටනකට මුහුණ දෙන්නට සිදු වුයේය. ඒ ජාතික මත වාදය හා ලිබරල් මත වාදය අතර ගැටුමටයි. 2015 දි හමුදා බුද්ධි අංශයේ අධ්‍යක්ෂක මණ්ඩලය දේශපාලන අධිකාරියට යෝජනා ඉදිරිපත් කළේය.
වර්තමාන තත්වය පිළිබඳව විස්තර ඉදිරිපත් කරමින් අදාළ කණ්ඩායම් ක්‍රියාත්මක වන ආකාරයක් එහිදී අනුගමනය කළ යුතු විකල්ප යාන්ත්‍රණ 3ක් ගැනන්  කරුණු ඉදිරිපත් කළේය.  ඉන් එකක් වන්නේ යම් ප්‍රමුඛ අයකු සමඟ කටයුතු කළ යුතු ආකාරයයි. දෙවැන්න ත්‍රස්තවාදය වැළැක්වීමට නීති හදුන්වා දීමයි.
(ත්‍රස්තවාදය පැන නැගෙන පසුබිමක) දෙවැන්න මිශ්‍ර  ප්‍රවේශයයි.
ඒක පැහැදිලිව පෙන්වා දුන්නා අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කළේය. ආණ්ඩු මාරු වුණාම ඒ අය කවුරුවත් උනන්දු  වුණේ නෑ. ජාතික ප්‍රතිපත්ති ලිබරල් ප්‍රතිපත්ති එක්ක එකට ක්‍රියාත්මක කරන්න බෑ. මේ ප්‍රදේශයේ ඔබට පියවරුන් දෙනෙක් ඉන්න බෑ. උඩ ඉඳන් පහළටම භේද බින්න වෙලා. හිතන විදිය වෙනස් උනාම, ක්‍රියාත්මකවන විදිහක් වෙනස් වෙනවා. හිතවාදිනුත් දෙපැත්තකට බෙදෙනවා අන්න ඒක තමා ලොකුම ගැටලුව.

2019/05/05 Sunday Times පුවත්පතේ Insight යටතේ පළවූ වූ නිල්මිණි විජේදාස ලියු First Intel On Lankans Fighting With ISIS 2013 ලිපියේ පරිවර්තනයකි.