පහළොස් හැවිරිදි දැරියකට බරපතළ ලිංගික අපයෝජනයක් කළ එම දැරිය අධ්‍යාපනය ලබන පාසලේ උසස් පෙළ සිසුවකු තණමල්විල පොලිසිය අත්අඩංගුවට ගෙන ඇත.  ඇඹිලිපිටිය මුලික රෝහලේ
 රෝහල් පොලිසියේ
ස්ථානාධිපතිවරයා කළ පැමිණිල්ලකට අනුව සැකකාර දාහතර හැවිරිදි පාසල් සිසුවා අත්අඩංගුවට ගෙන ඇත. මෙම වින්දිත දැරිය වස වර්ගයක් පානය කිරීම හේතුවෙන් අසාධ්‍ය තත්වයෙන් ඇඹිලිපිටිය මුලික රෝහලට ඇතුළත් කිරීමෙන් පසු ඇය රෝහල් පොලිසියට ලබාදුන් ප්‍රකාශයකට අනුව සැකකාර පාසල් සිසුවා අත්අඩංගුවට ගෙන ඇත. සැකකාර තරුණයා ඇගේ පෙම්වතා බව අනාවරණය වී තිබේ.

ඔහු දැරිය පදිංචි නිවස ආසන්නයේම පදිංචිව  සිටින බවත් මාස දෙකකට ආසන්න කාලයක සිට තම පෙම්වතා තම නිවස ආසන්නයේ ඇති වැසිකිළිය තුළදී අපයෝජනයට ලක්කර ඇති බවත් දැරිය පොලිසියට ලබාදී ඇති ප්‍රකාශය සඳහන් වේ. රාත්‍රි කාලයේ තමන් පෙම්වතා සමඟ එකට සිට නිවෙසට පැමිණෙන විට තම මව එය දුටු බවට ඇති වූ සැකය නිසා පසුදා ලැජ්ජාවට වස පානය කළ බවද දැරිය පොලිසියට පවසා තිබේ.  මේ සම්බන්ධයෙන් ඇඹිලිපිටිය පොලීසියේ අපරාධ ස්ථාන පරීක්ෂණාගාර නිලධාරීන් ස්ථානීය පරික්ෂණයද පවත්වා ඇත. සැකකරු වැල්ලවාය මහෙස්ත්‍රාත් අධිකරණය හමුවට පැමිණවීමට නියමිතව තිබිණි.

-සංජීව බණ්ඩාර-