https://www.gossiplankanews.com/2019/05/copper-factory-sevents-court.html#more
සුගියදා සිදුවූ බොම්බ ප්‍රහාර මාලාවට අවශ්‍ය බෝම්බ නිපදවූ බවට හා පිපුරුම්වලට ඔත්තු බැලූ බවට සැක මතුවූ ඉන්සාෆ් අහමඩ් නමැති බොම්බකරුට අයත් තඹ කර්මාන්ත ශාලාවේ සේවකයින් පිරිස බෝම්බ ප්‍රහාරයෙන් පසු අත්අඩංගුවට පත්ව තිබුණි. නමුත් ප්‍රහාරයෙන් සති දෙකකට පසු 6 වනදා ඔවුන් පහසුවෙන් අධිකරණයෙන් ඇප ලබා නිදහස්වීම ගැටලුකාරී තත්වයක් ඇති කරන ලදි.
ඔවුන්ගේ ක්‍රියාකාරීත්වය මෙම බෝම්බ පිපුරුමට සෘජුව සම්බන්ධ බවට සාක්ෂි රැසක් තිබියදී එලෙස ඇප ලැබීම මගින් වැදගත් තොරතුරු අහිමිව යාම මෙන්ම
ඔවුන්ට එම සාක්ෂි පවා විනාශ කිරීමට අවස්ථාවක් සලසාදීම ගන කථාබහක් මතුවිය.
මෙම කර්මාන්ත ශාලාව වැල්ලම්පිටිය අවිස්සාවේල්ල පාරේ පිහිටා තිබූ නිසා මෙම අත්අඩංගුවට ගැනීම හා අධිකරණයට ඉදිරිපත්කිරීමට වගකීම තිබුනේ වැල්ලම්පිටිය පොලිසියේ ස්ථානාධිපතිවරයාටය.

මෙම පිරිස අත්අඩංගුවට ගැනීමට පෙර සිටම විවිධ දේහපාලනඥයින්ගෙන් හා පොලිස් නිලධාරීන්ගෙන් එසේ නොකරන ලෙස බලපෑම් තිබූ බවට සාක්ෂි ලැබීම නිසා අනපේක්සිත ලෙස මෙම පිරිසට ඇප ලැබීම කිසියම් කුමන්ත්‍රණකාරී වැඩපිලිවෙලක් යයි සැක මතුවිය.
සැකය එල්ලවූ දෙදෙනා වූයේ අදාළ පොලිස්

ස්තානාධිපති සහ අධිකරණයේ විනිසුරුය.

ඇප ලැබීමෙන් පසු එල්ලවූ විවේචන වලට පිලිතුරු ලෙස පොලිස් ස්ථානාධිපතිවරයා තමන් අත වරදක් නැති බවත් අධිකරණයේ ලබාදුන් තීන්දුවේ වරද ඇති බවත් කියමින් අධිකරණ කොමිසමට පැමිණිල්ලක් ගොනු කර තිබුණි.

කෙසේ වෙතත් ජාතික පොලිස් කොමිෂන් සභාව මේ ගැන වෙනම පරීක්ෂණයක් සිදු කළ අතර වැඩිදුර විමසීමේදි අනාවරණය වූයේ මෙම ඇප ලබාදීමට පොලිස් ස්ථානාධිපති ජී.එස්.හේවාවිතාරණ වගකිව යුතු බවයි. ඔහු නිසි පරිදි ත්‍රස්තවාදී පනත ප්‍රකාරව සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කර නොතිබූ නිසා පහසුවෙන් ගැලවී යාමට එම පිරිසට හැකිව ඇති බව තීරණය විය.පොලිසියේ බී වාර්තාවට සැකකරුවන්ගේ නීතීඥයාට පහසුවෙන් අභියෝග කරන්නට හැකියාව තිබී ඇත.

ඒ අනුව ඊයේ ජාතික පොලිස් කොමිෂන් සභාව වැල්ලම්පිටිය පොලිස් ස්ථානාධිපතිවරයා ගාල්ලට මාරු කිරීමට කටයුතු කර තිබුණි.
මේ අතර තඹ කම්හලේ සේවය කරන අවශ්‍ය සැකකරුවන් 8 දෙනාට නැවත ලබන 27 වනදා අධිකරණයේ පෙනී සිටින ලෙස නියෝග කරන්නට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ නොතිසි නිකුත් කළේය.