https://www.gossiplankanews.com/2019/05/vip-road-close-no-more.html#more
සුගියදා සිදුවූ බෝම්බ ප්‍රහාර වලින් පසු නාගරික ආරක්ෂාව විශේෂ කොටසකට පමණක් සීමා කරමින් ප්‍රභූ වාහන ගමන් කිරීමට උවමනා වේලාවල් වල
මහජනතාවට අවහිර වන පරිදි මාර්ග වසා දැමීම සිදු විය.

මේ ගැන වෙබ් අඩවි හා සමාජ මාධ්‍ය තුළ දැඩි විවේචන හටගත්තේ ප්‍රභූ වරයෙකු වෙනුවෙන් කාලය නාස්තිකරන්නට සිදුවීම ගැන මෙන්ම එම අවස්ථාවේ සිරවී සිටින අයගේ ආරක්ෂාව ගැන බලන්නට කෙනෙකු නැතිවීම ගැන මැසිවිලි දක්වමිනි. මීට පෙර යුද සමයේද මෙම ක්‍රියාමාර්ගය රජය මගින් අනුගමනය කළ අතර ඒ ගැන විවේචන එකලද සිදුවිය.
ජනපති මෛත්‍රිපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන් 21 වනදා පැවති කැබිනට් රැස්වීමේදී මේ ආකාරයට පාරවල් වසා නොදමන්නැයි උපදෙස් දුන් බව වාර්තාවේ.
ඒ අනුව ප්‍රභූ ආරක්සක සේවයට මේ ගැන දැනුවත් කරන ලෙස උපදෙස් ලබාදුන් බවත් ජනපති මාධ්‍ය අංශය දන්වා තිබේ.
පසුගිය සතියේ මෙලෙස පාරවල් වැසූ අවස්ථාවක නෙලුම් පොකුණ ආසන්නයේ වාහන රියදුරන් හෝන් ගසා විරෝධය පළ කර තිබුනි.