https://www.gossiplankanews.com/2019/05/copper-factory-case.html
බෝම්බ ප්‍රහාර මාලාවට සම්බන්ධ විමර්ශන සඳහා වැල්ලම්පිටිය අවිස්සාවේල්ල පාරේ පිහිටි ඉම්සාම් අහමඩ්ට අයත් තඹ කම්හළ වැටලීමට පොලිසිය ක්‍රියා කරද්දී වැල්ලම්පිටිය පොලිස් ස්ථානයට දුරකථන ඇමතුමක් ගෙන ඇති විශ්‍රාමික පොලිස් නිලධාරියකු “මොකටද ඒක රේඩ් කරන්න ගියේ ? දැන්
මොකුත් හම්බුණාද ඒකෙ මුකුත් නෑ නේ ?” ලෙස නොනිසි මැදිහත්වීමක් සහිත ප්‍රශ්න කිරීම් සිදු කර තිබීම ගැන  වහාම පරීක්ෂණයක් ආරම්භ කරන ලෙස ආරක්ෂක අමාත්‍යංශය විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට උපදෙස් දී ඇත.
 පොලිස් බුද්ධි සේවයේ හිටපු නිලධාරියකු බව කියන

මොහු අදාළ තඹ කම්හලේ පිරිස ආරක්ෂා කිරීමට අවශ්‍ය වූයේ ඇයි යන්න ගැන සොයා බලන්නට නියමිතය.විශ්‍රාමික පොලිස් නිලධාරියා අත්අඩංගුවේ පසුවන ඉම්රාන් හාජි සමග සමීප සම්බන්ධතා පැවැත්වූ අයකු බවද කරුනු හෙළිව ඇත.

වැල්ලම්පිටිය පොලිසියේ නිලධාරීන් මේ සම්බන්ධයෙන් පොලිස් මුලස්ථානයට පැමිණිලි කිරීමෙන් පසු මේ මැදහත්වීම සැලවී ඇත.
එසේම තඹ කර්මාන්ත ශාලාවේ සේවකයන් නව දෙනාට අධිකරණයේ ඇප නියම කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් මේ වනවිට සැකය එල්ලවී ඇත්තේ අධිකරණයට නොව ඔවුනට ඇප ලබාදෙන පරිදි අධිකරණයට කරුණු ඉදිරිපත් කළ පොලිස් නිලධාරීන් සම්බන්ධයෙනි.

මීට අදාලව කොළඹ අපරාධ කොට්ඨාසයේ වැඩ බලන අධ්‍යක්ෂ ඇතුළු නිලධාරීන් තිදෙනෙකුගෙන් පැය අටකට ආසන්න කාලයක් ප්‍රශ්න කර ඇතැයිද වාර්තාවේ.
එම සේවකයින් මෙම බෝම්බ නිර්මාණයට හා ඔත්තු බැලීමට සම්බන්ධ බවට සාක්ෂි රැසක් තිබියදී ඇප මත නිදහස් විය.