අම්බලන්තොට පොදු  වෙළෙඳපොළේ වෙළදියක් අම්බලන්තොට ගොයම් කොළමුල්ල සිසිලස ගම
කාන්තාවක සිය නිවසේදී
ඝාතනය කර නිවස ඉදිරිපිට කසළ ගොඩට  දමා පුළුස්සා තිබියදී පිළිස්සී ගිය සිරුර ඊයේ (9) සොයාගත් බව  අම්බලන්තොට පොලීසිය කියයි.

මිය ගොස් ඇත්තේ තිරුවාන කංකානමගේ කරුණාවතී නමැති (66) හැවිරිදි සය දරු මවක් බව පොලීසිය පවසයි. මෙම ඝාතනය සම්බන්ධයෙන් මිය ගිය කාන්තාවගේ දෙවන පුරුෂයා ලෙස සැලකෙන පුද්ගලයා සැකපිට අත්අඩංගුවට ගෙන ඇති අතර පෙර සැමියා මියගිය පසු දෙවන සැමියා ලෙස සැකකාර පුද්ගලයා සමග මිරිජ්ජවිල ගොයම්කොළමුල්ල නිවෙසේ සිට ඇති අතර ඉකුත් (6) දා රාත්‍රී 9 ට පමණ මෙම සිද්ධිය සිදු වි ඇති බවද කාත්තාව ඝාතනය කර නිව සඉදිරිපිට කසළ ගොඩට දමා විටින් විට පුළුස්සා  ඇති බවටද, නිවෙස වතුර දමා සෝදා ඇති බවද මූලික පරීක්ෂණවලින් හෙළිවී ඇති බව සිද්ධිය සමිබන්ධයෙන් පරික්ෂණ පවත්වන අම්බලන්තොට පොලිසිය කියයි.