වැලිමඩ බෝගහකුඹුර ප්‍රදේශයේ ඉස්ලාම් පල්ලියක පාලන කටයුතු
සිදුකරන සභාපතිවරයකුගේ
නිවසේ භූගත කාමරයක් තුළ තිබී  කඩු 3 ක්, කිනිසි 5 ක්, පොරෝ 2 ක්, බයිසිකල් චේන් 3ක්  හමු වූ බව බෝගහකුඹුර පොලිසිය පවසයි.
බෝගහකුඹුර පොලිසිය හා ගුවන් හමුදාව එක්ව අද  (10 ) දා උදේ  සිදු කළ සෝදිසි මෙහෙයුමකදී මේවා සොයාගෙන ඇත.
බණ්ඩාරවෙල පොලිස් අධිකාරිවරයාගේ උපදෙස් මත බෝගහකුඹුර පොලිසිය  විමර්ශන සිදුකරයි.
( පාලිත ආරියවංශ)
pix courtesy by- lankadeepa.lk