https://www.gossiplankanews.com/2019/05/chilaw-arrested-nikab.html#more
සුගියදා පැනවූ ආරක්ෂක නීති උල්ලංඝනය කරමින් හලාවත ජයබිම ප‍්‍රදේශයේ පැවැති අවමංගල්‍ය ස්ථානයකට මුහුණ වසා ගෙන පැමිණි මුස්ලිම් කාන්තාවක අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තාවේ.

මෙම නීතිය පැනවූ පසු මේ

දක්වා මුහුණ වසාගෙන නොයාමට බොහෝ මුස්ලිම් කාන්තාවන් කටයුතු කර තිබූ අතර මෙවැනි අත්අඩංගුවට ගැනීමක් වර්තාවූයේ මුල්වරටය.
 හලාවත ජයබිම ප‍්‍රදේශයේ අවමංගල උත්සවයට සැමියා සමග පැමිණි මෙම කාන්තාව ගැන ප‍්‍රදේශවාසීන් හලාවත පොලීසියට දැනුම් දීමෙන් පසු සැකපිට ප්‍රහ්න කිරීමට ඇය සහ සැමියා කියූ අය අත්අඩංගුවට ගෙන ඇත.
මෙම කාන්තාව 23 හැවිරිදි වියේ පසුවූ අතර ඇය පැවසූ තොරතුරු අනුව පදිංචිය ඒ යාබද බවත් තමා පරණ පුරුද්දට මුහුණ වසාගෙන ආවත් ගැටලුවක් සැකයක් ඇතිවේ යයි කල්පණා නොකළ බවත් පොලිසියට පවසා ඇත.
කෙසේ වෙතත් ඇගේ පැමිණීමත් සමග වටපිට සිටි තරුණ පිරිස් එකතුවී 119 අංකයට දැනුම් ධී සැකසහිත කාන්තාව ගැන දන්වා තිබුණි. 26 හැවිරිදි ඇගේ සැමියා පුත්තලමේ පදිංචිකරුවෙකු වන අතර විවාහයෙන් පසු ඔහු ද එම ප‍්‍රදේශයේ පදිංචියට පැමිණ තිබූ බව කියැවුණ අතර ඔහුද අදාළ ස්ථානයේ පිරිස් හඳුනන්නේ නැතිවීම මත ප්‍රදේශවාසීන්ට සැකය වැඩිදියුණුවී තිබුණි.
සැකකරු සහ සැකකාරිය හලාවත මහේස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට පොලිසිය කටයුතු කර ඇත.