ජාතික තව්හිද් ජමාද් සහ ජමාතෙයි මිල්ලතු ඊබ‍්‍රහිම් ෆී සෙයිලානි යන සංවිධාන 02 මෙරට තහනම් කළ බවට
ජනාධිපතිවරයා විසින්
ප‍්‍රකාශයට පත් කළ ද තවමත් ඊට තවම නීතිමය වලංගුභාවයක් නැති බවත්  අදාළ ගැසට් නිවේදනය නිකුත් කර නොමැති බවත් නීතීඥ සංවිධාන ජාතික එකමුතුවේ සභාපති නීතීඥ මනෝජ් ගමගේ පවසයි.

මෙම සංවිධාන 02 තහනම් සංවිධාන බවට ජනාධිපතිවරයා විසින් ප‍්‍රකාශයට පත් කර මේ වනවිට සති දෙකකට වැඩි කාලයක් ගතව ඇති අතර එම තහනමට අනුව ජාතික තව්හිද් ජමාද් සහ ජමාතෙයි මිල්ලතු ඊබ‍්‍රහිම් ෆී සෙයිලානි යන සංවිධානවලට අයත් නිෂ්චල හා චංචල දේපළ මෙන්ම ක්‍රියාකාරකම් අත්හිටුවා ඇත.

අදාළ ගැසට් නිවේදනය නිකුත් වන තෙක් එම සංවිධාන 02 මෙරට තහනම් සංවිධාන ලෙස හැඳින්විය නොහැකි වන බවත් හදිසි නීතිය ඉවත්වූ පසු එම තහනම අහෝසි වනු ඇති බවත් දන්වා ඇත.