වෙළෙඳපොළ තුළ මේ වන විට එළවළු මිල සීඝ්‍රයෙන් ඉහළ ගොස් ඇති බව පාරිභෝගියෝ පවසති.
දඹුල්ල විශේෂ ආර්ථික මධ්‍යස්ථානයේ වෙළෙඳ සංගමයේ ලේකම් අයි.ජි.විජේනන්ද මහතා සඳහන් කළේ,
අමුමිරිස්, කරවිල, පතෝල,
වැටකොලු ඇතුළු එළවළු රැසක මිල ඉහළ ගොස් ඇති බවයි.
පසුගිය මාස හා කිහිපය හා සසඳා බැලීමේදී එළවළු මිල 100 % කින් පමණ ඉහළ ගොස් ඇති බව ද ඔහු පැවසීය.
පවත්නා කාලගුණයත් සමග සැපයුම අඩුවීම එළවළු මිල ඉහළ යාමට බලපා ඇති බව ඔහු දැන්වීය.
පසුගිය කාලයේ ඇතිවූ ආරක්ෂාව සම්බන්ධ ගැටලු හා ඇඳිරි නීතිය නිසා එළවළු බොහෝ සේ අලෙවිවීමකින් තොරව මිල අඩුවීම මෙන්ම අපතේයාම්ද වාර්තාවූ අතර මේ වනවිට ඊට හාත්පසින් වෙනස් තතක්වයක් පැනනැගී මිල ඉහළයාම සිදුව ඇත.