https://www.gossiplankanews.com/2019/05/bandula-lover-fb-trend.html
හිටපු අධ්‍යාපන ඇමති පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන තායිලන්තයේදී කාන්තාවක සමග අතින් අල්ලාගෙන සාප්පු සවාරි ගිය බවට ඡායාරූප කිහිපයක් නිසා මේ දිනවල ෆේස්බුක් තුළ ආන්දෝලනයක් පැනනැගී ඇත. විවාහක දරුවන්ද සිටින හිටපු ගුරුවරයෙකු හා අධ්‍යාපන ඇමතිවරයෙකුට තරම් නොවන
හැසිරීමක් ලෙස මේ ගැන කතා හැදුණි.
එම කතා හැදුණ ඡායාරූපයේ සිටින ස්විස් ජාතික Anna Barchetti Durisch කාන්තාව සිය ෆේස් බුක් ගිණුම ඔස්සේ ඒ ගැන පිළිතුරක් අද (6) සපයා තිබේ.

එහිදී ඇය මෙම කාරනාව ගැන විශේෂ නිවේදනයක් දන්වා ඇත.

'ආචාර්ය බන්දුල සමග මා සිටින මේ ඡායාරූප මෙලෙස පළවීම ගැන කණගාටුවට පත්වෙනවා. මා විසින් සංවිධානය කළ නායකත්ව සංවර්ධන වැඩසටහනකට ඔහු එක්වුණා.
එසේම භාෂා අධ්‍යාපනය ගැන ඔහු සමග මා සාකච්ඡා පවත්වා තිබුණා. අපි දෙන්නා වසර 10 ක පමණ සිට අඳුනනවා. එසේම විවිධ පර්යේෂණ වැඩසටහන් වල එකට වැඩ කරනවා.
ඔහු පමණක් නොව ඔහුගෙ බිරිය හා දරුවන් ඇතුළු පවුලේ අනෙක් අයද මා දන්නවා. මා සිටින ස්විට්සර්ලන්තයට ඔවුන්ද පැමිණ තිබෙනවා. ශ්‍රී ලංකාව වසර 20 ක පමණ කාලයක සිට මට සමීපයි. මේ ඡායාරූපවලට වැටුණ නොමනා ප්‍රතිචාර ගැන මා කණගාටුවෙනවා.'
ඇය දන්වා තිබුණි.