පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් ජීවිතක්ෂයට පත්වූ අයගේ මෙතෙක් හඳුනා නොගොත් මෘත ශරීර කොටස් 56ක් තවමත් කොළඹ අධිකරණ වෛද්‍ය නිලධාරී කාර්යාලයේ තැත්පත් කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක
පොලිස් අධිකාරී රුවන්
ගුණසේකර මහතා සඳහන් කරයි.

බෝම්බ පිපිරීම් සිදුවූ ප්‍රදේශවලට පැමිණ මෙතෙක් තොරතුරක් නොමැතිව අතුරුදන් හෝ ආගිය අතක් නොමැති අය වෙත්නම් ඔවුන්ගේ ඥාතීන් ළඟම ඇති පොලිස් ස්ථානයට පැමිණිලි කරන ලෙසද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පවසයි. ළඟම ඥාතීගේ ඩී.එන්.ඒ. පරීක්ෂා කරමින් මෙම ශරීර කොටස්වල අනන්‍යතාව තහවුරු කර ගැනීමට කටයුතු කරන බවද හෙතෙම කියයි.

-චාමර අමරසුරිය-