Sinhala Edition English Edition
Facebook Official Fanpage Google+ Official Page Official Twitter Account Rss Feed

Latest News

Advertisements

Trending

Advertisement

Gossip Lanka ලිපි ඔබේ Email ට ගෙන්වාගන්න

https://www.gossiplankanews.com/2019/05/119-maligawatte-man-arrested.html
මාලිගාවත්ත ජුම්මා මස්ජිඩ් පාරේ බෝම්බ තුනක් පුපුරවන බවට පොලිස් හදිසි ඇමතුම් ඒකකයේ 119 දුරකථන අංකයට අසත්‍ය තොරතුරක් ලබාදුන් මුස්ලිම් ජාතික දුරකථන අලුත්වැඩියා කරන්නෙකු කෙසෙල්වත්ත මුහන්දිරම් පාරේ නිවසක සිටියදී
පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙයි.
එම පුද්ගලයා සමග ජංගම දුරකථන සිම් කාඩ් පත් විසි එකක් සහ ජංගම දුරකථන හතරක් පොලිසිය භාරයට ගෙන ඇත.“මම එම්.පී. කතා කරන්නේ.. මාලිගාවත්ත ජුම්මා මස්ජිඩ් පාරේ බෝම්බ තුනක් පුපුරනවා. පුළුවන්නම් නවත්වන්න” යනුවෙන්

ඔහු 119 දුරකථන අංකයට ඇමතුම ලබා දී ඇත.

අදාල ඇමතුම සමග වහා ක්‍රියාත්මක වූ මාලිගාවත්ත පොලිසිය, යුද හමුදාව, බෝම්බ නිෂ්ක්‍රීය අංශය, පොලිස් විශේෂ කාර්ය බලකායද කැදවා එම මාර්ගය අවට මහජනතාව ඉවත් කර කඩ සාප්පුද වසා දමමින් පැය හයකට ආසන්න කාලයක් විශේෂ සෝදිසි මෙහෙයුමක් සිදු කළද කැලි කසල අඩංගුකර තිබූ පාර්සල් කිහිපයක් පමණක් හමුවූ බව මාලිගාවත්ත පොලිසිය අධිකරණයට දැනුම් දී තිබෙයි.

අසත්‍ය තොරතුරක් පවසා රජයේ සේවකයන්ගේ බලය මහජන අප්‍රසාදදයක් ඇතිවන අදහසින් මෙම ඇමතුම ලබාදී ඇති බව මාලිගාවත්ත පොලිසිය විසින් අධිකරණයට කරුණු දක්වා තිබූ අතර එය සැලකිල්ලට ගෙන කොළඹ අතිරේක මහේස්ත්‍රාත් කාංචනා නෙරංජලා ද සිල්වා මහත්මිය පරීක්ෂණ පවත්වා අදාල සැකකරුව අත්අඩංගුවට ගන්නා ලෙස නියෝගයක් නිකුත් කර ඇත.
ඒ අනුව අධිකරණ නියෝග මත 119 හදිසි ඇමතුම් අංශයේ හඬ පටයද ලබාගෙන මාලිගාවත්ත පොලිසිය විසින් අදාල සැකකරුව අත්අඩංගුවට ගෙන ඇත.





----------------
නවතම පුවත් සමග එසැණින් යාවෙන්න
- ගොසිප් ලංකා ෆේස් බුක්පිටුව - මෙතැනින්
- ගොසිප් ලංකා යූටියුබ් නාලිකාව - මෙතැනින්
- ගොසිප් ලංකා ට්විටර් පිටුව - මෙතැනින්







Gossip Lanka Previous News

තවත් පුවත්

gossip lanka, gossiplankanews.com, gossiplanka, gosiplanka, gossiplankanews, gossiplanka.lk, gossiplanka.com,hiru,hirugossip,neth,neth gossip, sinhala, hot, sri lanka, wedding, rumours,facebook,lankanews, dehiwala, moratuwa, colombo, rajagiriya, kandy, galle, kurunegala, nugegoda, negombo, matara, anuradhapura,kalutara, gampaha, jaffna

Gossip Lanka Side News

Advertisement

Latest Picture Collections

Gossip Lanka Stats

Like Us on Facebook

Follow Us on Youtube & Twitter