මහජන ආරක්ෂාව සම්බන්ධයෙන් ඕනෑම කැප කිරිමක් කරන්න ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සූදානම් බවත්
ජාතික ආරක්ෂාව සම්බන්ධ ප්‍රශ්නයේදි
දේශපාලන වාසිගන්නේ නැති බවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුනේ නිර්මාතෘ බැසිල් රාජපක්ෂ මහතා පසුගියදා පවසා තිබේ.
ඔහු මෙසේ පැවසුවේ මහජන එක්සත් පෙරමුණ හා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අතර  ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ පක්ෂ කාර්යාලයේ  පැවැති සාකච්ඡාවකින් අනතුරුවය.
ඔහු මෙසේ කියා ඇත.
 'ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මේ කණගාටුදායක අවස්ථාවේදීත්, ජාතික ආරක්ෂාව සම්බන්ධ ප්‍රශ්නයේදීත් වාසියක් ගන්න හෝ පූර්ව නිගමනවලට එන්න සූදානමක් නැහැ. මහජන ආරක්ෂාව සම්බන්ධයෙන් ඕනෑම කැප කිරීමක් කරන්න අපි සූදානම්. දේශපාලන මඩ ගැහිමක් හෝ වෙනත් ප්‍රයෝජනයක් ගන්න හිතන්නේ නැහැ. දේශපාලන වාසි ගන්නේ නැහැ වගේම අවාසි ගන්නත් අපි සූදානම් නැහැ. '