https://www.gossiplankanews.com/2019/05/100less-school.html#more

දෙවන පාසල් වාරය අද (06දා) දින ආරම්භ වුවද, ලංකාවේ අතිබහුතරයක් පාසල්වල ශිෂ්‍යයන් පැමිණීම සියයට අඩු අගයක් බව වාර්තා වේ.
කොළඹ ඇතුළු ප්‍රධාන නගරවල බොහෝ පාසල්වල 5%කට අඩු ශිෂ්‍ය ප්‍රමාණයක්වත් නොපැමිණි බව ගුරු විදුහල්පතිවරු සඳහන් කළහ.
රාජකීය විද්‍යාලය 309ක් ආනන්ද විද්‍යාලය 58 ක්,නාලන්ද විද්‍යාලය 50 ක්,විශාකා 37ක්, දේවි බාලිකා 37 ක් ලෙස මෙම අගයන් ඉතා පහත විය.
ගුරු විදුහල්පතිවරුන්ගේ පැමිණීම 80% ඉක්මවා තිබූ බවට වාර්තාවන අතර, ශිෂ්‍යයන් පාසලට පැමිණීම විශාල ලෙස අඩු වී තිබීම නිසා කිසිදු අධ්‍යාපන කටයුත්තක් හෝ බාහිර ක්‍රියාකාරකමක් සිදුනොවූ බවද වාර්තා විය.
දෙවැනි පාසල් වාරය ආරම්භ කිරීම හය ශ්‍රේණියේ සිට ඉහළ ශ්‍රේණිවලට පමණක් සීමා වී තිබුණද,

පළමු ශ්‍රේණියේ සිට පහ ශ්‍රේණිය දක්වා ඉගැන්වීම් කරන ගුරුවරුන්ද ඊයේ දිනයේදී පාසල් වෙත වාර්තා කර තිබිණි.
මහරගම අධ්‍යාපන කොට්ඨාසයේ පාසල්වලට සිසුන්ගේ පැමිණීම අද (06දා) දිනයේදී 2.14% ප්‍රතිශතයක් පමණ වූ අතර, ගුරුවරුන්ගේ පැමිණීම සාමන්‍ය පරිදි සිදු විය. මහනුවර දිස්ත්‍රික්කයේ ප්‍රධාන පාසල්වල සිසු සිසුවියන් තුන්දහසත්, හාරදහසත් අතර පිරිසක් අධ්‍යාපනය ලැබුවද, සිසුන් සියයට එකක පමණ ප්‍රමාණයක් පමණක් පාසල් පැමිණ තිබූ බව වාර්තා වෙයි.
බදුල්ල දිස්ත්‍රික්කයේ සිසුන්ගේ පාසල් පැමිණීම සියයට පහත්, දහයත් අතර ප්‍රමාණයක් ගත්තද, ගුරුවරුන්ගේ පැමිණීම සාමාන්‍ය පරිදි සිදුවූ බව වාර්තාකරුවෝ පැවසූහ.
දකුණු පළාත් පාසල්වල අද (06දා) දින සිසුන්ගේ පැමිණීම සියයට හතර දක්වා පහත වැටී තිබූ බව දකුණු පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂ නිමල් දිසානායක මහතා පැවසීය.
පුත්තලම අධ්‍යාපන කලාපයට අයත් පාසල්වල සිසුන්ගේ පැමිණීම සියයට දහයක් පමණ වූ අතර, රත්නපුර දිස්ත්‍රික්කයේ පාසල්වලට සිසුන්ගේ පැමිණීම සියයට 20 දක්වා පහළ වැටී තිබූ බවත්, ගුරුවරුන්ගේ පැමිණීම ප්‍රශස්ත මට්ටමක පැවැති බවත් විදුහල්පතිවරු පැවසූහ.
මේ අතර, දිවයිනේ බොහෝ පාසල්වලට පාසල් දරුවන් පැමිණ නොසිටියද, එම දරුවන්ගේ දෙමවුපියන් පැමිණ පාසල් පිරිසුදු කිරීමේ කටයුතුවලට සහයෝගය දැක්වූ බවද වාර්තා විය.