https://www.gossiplankanews.com/2019/04/software-hit-bird.html
සුගියදා ලෝකයේම අවධානය දිනාගනිමින් කෙන්යාව බලා පියාසර කරද්දී කඩා වැටුණු ඉතියෝපියානු බොයිං 737 මැක්ස් 8 වර්ගයේ ගුවන් යානාව එලෙස කඩා වැටුනේ එහි 'මෘදුකාංගයක' කුරුල්ලෙකු ගැටීමෙන් බවට අද (5) ජාතික පුවත්පතක් වන
දිවයින වාර්තා කර තිබේ.

එහි සටහන් වන්නේ

'මගීන් 157 ක්‌ රැගත් ඉතියෝපියානු බොයිං යානාව කඩාවැටුනේ කුරුල්ලෙක්‌ යානාවේ මෘදුකාංගයක ගැටීමෙන් බව විමර්ශනවලදී හෙළිවී ඇත.මේ මෘදුකාංගය අක්‍රියවීම නිසා යානාවේ පාලනය හසුරුවා ගැනීමට නියමුවන් අපොහොසත්වී තිබේ.
 මෘදුකාංගයට හානිවීමෙන් යානාව බිමට ඇදී ඇති බව විමර්ශනවලින් හෙළිවී ඇත.
 මෙවන් සිදුවීමකදී යානාව හසුරුවාගත හැකිවන්නේ පළපුරුදු නියමුවකුට බවද බොයිං සමාගම කියා සිටී.' ලෙසිනි.
මෙම පුවත තේරුම් ගන්නට අපහසු කාරණාවක් බවත් මෘදුකාංග (software) යනු කිසියම් පරිගණකයක හෝ උපාංගයක ස්ථාපිත කර ඇති වැඩසටහනක් වන බවත් එය කුරුල්ලන් හැපෙන මුහුණතක් සහිත වස්තුවක් විය හැක්කේ කෙසේද යන්න ගැනත් කථාබහක් මතුව තිබේ.

කෙසේ වෙතත් විදෙස් පුවත් වාර්තා සැලකීමේදී මෙම සංසිද්ධිය මීට වෙනස් ලෙස වාර්තා කර තිබෙයි.  USA Today වාර්තාවකින් දැක්වෙන්නේ බොයිං 737 මැක්ස් 8 අලුත්ම පද්ධතිය මගින් උඩුගතකරවන අවස්ථාවේ ගුවන් යානයේ නාසය හැරවීම ස්වයංක්‍රීයව සිදු කරන බවත් ඒ සඳහා දිශානතිය හඳුනාගන්නා සවේදකයක් (සෙන්සරයක්) මත කුරුල්ලෙකු ගැටීමෙන් පද්ධතියට වැරදි පණිවිඩ යාමෙන් මෘදුකාංග අවුල්වීමෙන් අනතුර සිදුව ඇති බවකි.