https://www.gossiplankanews.com/2019/04/kewuma-love-thushari.html#more

පසුගියදා මාකදුරේ මදුෂ්ගේ ප්‍රධාන ගෝලයෙකු වන කැළුම් ඉන්දික හෙවත් කැවුමා පොලිස් අත්අඩංගුවට පත්වූ පසු ඔහුට අයත් මොරටුවේ නිවස පරීක්ෂා කිරීමේදී මත්ද්‍රව්‍ය හා අවි ආයුධ තිබී පොලිසියට හමුවූ අතර එම නිවස මිලට ගන්නට ආ බව කියන හා එහි නිතර කැවුමා හමුවන්නට ආගිය බව කියන කැවුමාගේ
පෙම්වතිය යයි සැකකරන පුස්තකාල සහකාරිවරියක යයි කියන කාන්තාවක ගැන තොරතුරු හෙළි විය.
කෙසේ වෙතත් ඇය එම නිවසට ලබාදී ඇති විස්තර අනුව තවම ඇයව සොයාගන්නට පොලිසියට හැකියාව ලැබ තිබුනේ නැත.
පොලිසියට අවශ්‍ය කරන මෙම සැකකාරිය අත්අඩංගුවට ගැනීම සඳහා මහජන සහාය

පැතීමට ඇයගේ ඡායාරූප ප්‍රසිද්ධ කර මාර්තු 14 වනදා පොලිස් මාධ්‍ය නිවේදනයක්ද නිකුත් විය.

මහඋඩුගේ දොන් නිරෝශා නිල්මිනි පෙරේරා නොහොත් තුෂාරි නමැති වයස - අවුරුදු 47 කාන්තාව සොයා දෙන්නැයි එහිදී ඉල්ලා තිබුණි.

කෙසේ වෙතත් තවමත් සැඟව සිටින ඇය නීතීඥයින් මාර්ගයෙන් පොලිසියට එරෙහිව නඩු පවරන්නට සූදානමක් පවතින බව වාර්තාවේ. තමාව අත්අඩංගුවට ගැනීමට ක්‍රියාකිරීම මූලික අයිතිවාසිකම් කඩකිරීමක් බවට චෝදනා නගමින් එම කාන්තාව පොලිස් කණ්ඩායම් තුනකට එරෙහිව නඩු පැවරීමට ක්‍රියාකර තිබෙන බව පෑලියගොඩ කොට්ඨාස විමර්ශන ඒකකයේ ප‍්‍රධාන පොලිස් පරීක්‍ෂක ලින්ටන් සිල්වා මහතා පුවත්පතකට පවසා තිබේ.

මෙම කාන්තාව මධුෂ් පිළිබඳව තොරතුරු රැසක් දන්නා බවද මධුෂ් ඉපයූ රුපියල් කෝටි ගණනක මුදල් සහ නිවාස මෙම කාන්තාවගේ නමින් පවතින බව විශ්වාස කරන බවද අත්අඩංගුවට ගැනීමට කටයුතු කරද්දී ඇය අතුරුදන්වී ඇති බවද පොලිස් පරීක්‍ෂකවරයා දන්වා ඇති අතර ඇය පාතාලයේ රහස් තොරතුරු වසා ගැනීම සඳහා පොලිසියට එරෙහිව නඩු පැවරීමට යන බව ාවර්තාවී ඇතැයි සඳහන් කර තිබේ.