ඊයේ 21 රාත්‍රී කටුනායක ගුවන් තොටුපලේදී බෝම්බයක් හමුවූ බවටත් එය නිෂ්ක්‍රීය කරන ලද බවටත් උදෑසන
වාර්තා පළ විය. මේ ගැන වැඩිදුර තොරතුරු දන්වා සිටින
ගුවන් හමුදා මාධ්‍ය ප්‍රකාශක ගිහාන් සෙනෙවිරත්න  මෙය පයිප්ප බෝම්බයක් බවත් improvised explosive device (IED) ලෙස හදුන්වාදෙන මෙය අඩි පහමාරක් හෝ 6 ක් පමණ දිග පීවීසී නලයක සූක්ෂ්ම ලෙස අසුරා තිබූ බවත් දන්වා ඇත.
රාත්‍රී 10.15 ට පමණ ලංකාව දෙසට පැමිණෙන ප්‍රධාන මගී පර්යන්තයේ මෙය තිබී හමුවී ඇති අතර බෝම්බ නිෂ්ක්‍රීය අංශ මගින් නිෂ්ක්‍රීය කරන ලද බවද දන්වා ඇත.