https://www.gossiplankanews.com/2019/04/rohith-tatyana-swim-kit-discussion.html
මේ දිනවල ෆේස් බුක් ඔස්සේ අලුතින් පැනනැගී තිබෙන කථාබහ වන්නේ පසුගියදා විවාහපත් මහින්ද රාජපක්ෂගේ බාල පුතු රෝහිත හා ටට්යානා පිහිනුම් ඇඳුමක් ඇඳ ප්‍රසිද්ධ කර තිබෙන ඡායාරූපයක් පිළිබඳවයි.
මෙම ඡායාරූපය ටට්යානාට අයත් ෆේස්බුක් පිටුවක මුල්වරට 15 වනදා පළවූ පසුව
ඒ ගැන විවිධ ආකාරයේ සාකච්ඡාවන් මතුවිය.


ඇතැම් අය කියා සිටියේ සිංහල කුල සිරිත් සම්ප්‍රදායන් අගයමින් බෙලි මල් වතුර බොමින් ගමේ කෑම ලබාදෙමින් පැවැත්වූ මංගල උත්සවයේ අර්ථය මෙම ඡායාරූපය නිසා නැතිකරගෙන තිබෙන බවකි. මෙම පෙනී සිටීම මහින්දගේ දේශපාලනික පෙනීසිටීමට නොගැළපෙන පුතෙකුගේ හා ලේලියකගේ පෙනී සිටීමක් ලෙසද කතන්දර මතුකර තිබුණි.

කෙසේ වෙතත් මෙය ඔවුනගේ නිදහස බවත් ඔවුන්ට මේ ආකාරයේ ඡායාරූපවලට පෙනී සිටීමේ ගැටලුවක් නැති බවත් තවත් පිරිසක් දන්වා තිබුණි.
පහත පළවන්නේ කතාබහට ලක්වූ එම ඡායාරූපය හා සංවාද වලින් කොටසකි.