සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද හේතුවෙන් ගම්බිම් බලා ගිය ජනතාව සඳහා පසුගිය 12 වැනිදා ලංකා
ගමනාගමන මණ්ඩලය ක්‍රියාත්මක කළ විශේෂ

බස් සේවාව හේතුවෙන් ලංකා ගමනාගමන මණ්ඩලයේ එදින ආදායම රුපියල් මිලියන 100 ඉක්මවූ බව ලංකා ගමනාගමන මණ්ඩලයේ ධාවන අංශයේ නියෝජ්‍ය සාමාන්‍යධිකාරී පී. එච්. ආර්. ඩී. චන්ද්‍රසිරි මහතා පැවසීය.

බස්රථ සේවකයන්, අලුත් අවුරුදු උත්සව සමය හේතුවෙන් ක්‍රියාත්මක විශේෂ ප්‍රවාහන වැඩපිළි‍වෙල සාර්ථක කර ගැනීම සඳහා විශාල උනන්දුවකින් හා කැපවීමකින් යුතුව කටයුතු කරන බවත් මෙලෙස දෛනික වාර්තා ගත ආදායමක් ලැබීමට එය හේතුවක් වූ බවත් වැඩිදුරටත් අදහස් දක්වමින් ඒ මහතා පැවසීය.

-සුමන උදයන්ත-