https://www.gossiplankanews.com/2019/04/rag-ndt-student-sucide.html
වක වදය නිසා එක් සරසවියක් අතැර ගොස් තවත් පාඨමාලවක් කරද්දී එතැනින්ද අමිහිරි අත්දැකීම් ලැබීම නිසා'නවක වදය මට දරා ගන්න බැරි වුණා.මේ නිසා මා දැඩි මානසික පීඩනයකට ලක් වුණා''  යයි ලිපියක් ලියා දිවිනසාගත් සිසුවෙකු පිලිබඳ කුරුණෑගල ප්‍රදේශයෙන් වාර්තාවේ.
හෝමාගම ජාතික විද්‍යා තාක්ෂණ ආයතනයේ (එන්.ඩී.ටී) ඉගෙනුම් ලබමින් සිටි කුරුණෑගල කුඹුක්ගැටේ ප්‍රදේශයේ පදිංචි  සනුක දිල්ශාන් විජේසිංහ නමැති 23 හැවිරිදි සිසුවෙකු
මෙම අවාසනාවන්ත ඉරණමට පත්විය.
 දරුවන් දෙදෙනකුගෙන් යුතු පවුලේ  වැඩිමලා වූ ඔහු එම පවුලේ එකම පිරිමි දරුවා විය. පියා වෘත්තියෙන් ඇඳුම් මැසීම සිදු කරන අතර මව  පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනියකි.
කුරුණෑගල ප්‍රසිද්ධ පාසලකින් ගණිත අංශයෙන් උසස් පෙළ සමත් වූ

මෙම සිසුවා 2018 යාපනය විශ්වවිද්‍යාලයට තේරී තිබෙන අතර භෞතික විද්‍යා පීඨයට ඇතුළත්වී ඇත. එහි මාස හයක පමණ කාලයක් අධ්‍යාපනය ලැබූ ඔහු දරුණු ලෙස නවක වදයට ලක්ව ඇතැයි වාර්තා විය. එය දරාගත  නොහැකි නිසා යාපනය විශ්වවිද්‍යාලයෙන් ඉවත් වන්නට ඔහු තීරණය කළ බව දෙමාපියන් දන්වා ඇත.
 පසුව සිවිල් ඉංජිනේරු තාක්ෂණ විෂයය හැදෑරීම සඳහා හෝමාගම ජාතික විද්‍යා තාක්ෂණ ආයතනයට ඇතුළු වූ ඔහු එහිදී ද දරුණු ලෙස නවක වධයට ලක් වීමෙන් පසු ඇතිවූ කල කිරීම මත මෙම කරදරය සිදු විය.
නවක වදය උග්‍ර වීම නිසා එම ආයතනය පසුගිය 15 වැනිදා සිට දින  නියමයක් නැතිව වසා දමා තිබූ බවද පැවසේ.
ඉන්පසු ඔහු නිවසට පැමිණ ඇත්තේ දැඩිසේ සිත් තැවුලට පත්වය. ඒ ගැන කල්පණාකරමින් තැවෙමින් සිටි මෙම සිසුවා  පෙරේදා (31) සවස විදුලිය විසන්ධි වූ අවස්ථාවක තම මවට සහ පියාට ලිපියක් ලියා තබා තම කාමරය තුළ  සිය දිවි නසාගෙන ඇත. එම ලිපියට අනුව ''නවක වධය මට දරා ගන්න බැරි වුණා. ඇතැම් දිනවල පැය හතක් අටක් එක දිගට නොකඩවා දරුණු
ලෙස වධයට ලක් වුණා. මේ පීඩනය මට දරා ගන්න බෑ. මේ නිසා මා දැඩි මානසික පීඩනයකට ලක් වෙලා හිටියේ.''


යනුවෙන් සඳහන් වේ. 
මේ කියන ආයතනයේ නවක වද සිද්ධිය හේතුවෙන් ඔහුට මින් ඉහතත් දැඩි මානසික පීඩනයක් පැවතී තිබී ඇති අත.ර ඔහු කුරුණෑගල ප්‍රදේශයේ මනෝ වෛද්‍යවරයකුගෙන් අවස්ථා කීපයකදී ප්‍රතිකාර ලබාගෙන ඇති බවද දැනගන්නට තිබේ.  එසේ ප්‍රතිකාර ලබාගෙන ඇති නමුත් ඉහත කී තාක්ෂණ ආයතනයෙ බලදාරීන් එය නැවැත්වීමට පියවර ගෙන නැත. දින නියමයක් නැතිව එම ආයතනය වසා දමන්නේද එම පරිපාලනයට පියවරක් ගන්නට බැරිව ගිය තැනය.
මෙම මරණය සම්බන්ධ මරණ පරික්ෂණය කුඹුක්වැවේ හදිසි මරණ පරික්ෂක එස්.එම්. රාජරත්න බණ්ඩා මහතා ඉදිරියේ ඊයේ (1) පැවැත්වූ අතර ගෙළ සිරවී මියයාමක් ලෙස සටහන් විය.