ලොව ශ්‍රේෂ්ඨතම දර්ෂන පහ අතරට මහනුවර දළදා මාළිගාවේ ඇසල පෙරහර නම් කිරීමට 'ද ට්‍රැවලර් වෙබ්
අඩවිය' (www.traveller.com.au)
කටයුතු කර ඇත. දළදා පෙරහරේ ඇතුළත්ව තිබෙන සුවිශේෂී සංස්කෘතික නර්තන සහ විශේෂාංග ලොව අන් කවර තැනකදීවත් දැක බලා ගැනීමට නොහැකි බව එම වෙබ් අඩවිය සදහන් කර තිබේ. අගෝස්තු මාසයේදී සංචාරය කිරීමට බලාපොරොත්තු වන සංචාරකයින්  ශ්‍රී ලංකාවේ මහනුවර නගරයට පැමිණ ශ්‍රී දළදා  මාළිගාවේ ඇසල පෙරහර නැරඹීම වඩාත් යෝග්‍ය බව එහි සඳහන් වේ.


ඇසල පෙරහැර වෙනුවෙන් මහනුවර නගරය සුදු පැහැ වස්ත්‍රයෙන් සැරසුණු බැතිමතුන්ගෙන් පිරී  යන බවත් පෙරහැර විචිත්‍රවත් කිරීමට අලි ඇතුන්  සහ උඩරට නර්තන ආදිය එක් වන බවත්, එය මනස්කාන්ත දර්ශනයක් බවත් වෙබ් අඩවියේ වැඩිදුරටත් සඳහන් වේ.

-චානක ඉනොජ්-