https://www.gossiplankanews.com/2019/04/maithripala-sirisena-grade-5-exam.html
හ ශ්‍රේණියේ ශීෂ්‍යත්ව විභාගය නවත්වන බවට තමා මින් පෙර සිදු කළ ප්‍රකාශය සම්බන්ධයෙන් වැඩිදුර කරුණු පැහැදිලි කිරීමක් අද ජනපති මෛත්‍රිපාල සිරිසේන සිදු කළේය.
කඩවත මහාමායා බාලිකා විද්‍යාලයේ අද (5) පැවති උත්සවයකට එක්වෙමින් ජනපතිවරයා සඳහන් කළේ එක්වරම 5 ශිෂ්‍යත්වය අහෝසි කරන්නට නොහැකි බවට
අධ්‍යාපන අමාතයංශය දන්වා ඇති බවත් එසේ කරන්නේ නම් පුළුල් සාකච්ඡාවකින් පසු  ඊට විකල්පයක් හඳුන්වාදීමට අවශ්‍ය බව දන්වා ඇති බවත්ය. එසේම දැනටමත් ශිෂ්‍යත්ව විභාගයට සූදානමින් සිටින පිරිස් එක්වරම ඉන් ඉවත් කිරීම එම දරුවන්ගේ මානසික තත්වයට බලපාන බවයි.

5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය අහෝසි කිරීමට තීරණය කළේ

දරුවන්ට වඩා හොඳ අධ්‍යාපන ක‍්‍රමයක් හදුන්වාදීම වෙනුවෙන් බව ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා පැවසු අතර විශ්ව විද්‍යාලවලට ඇතුළත් වන දරුවන්ගෙන් සියයට 86ක්ම ශිෂ්‍යත්ව විභාගය අසමත් වීම මත එම ක්‍රමයේ වරදක් ඇති බව හඳුනාගත් බව කීය.

ඒ අනුව විධිමත් ලෙස කරුණු අධ්‍යයනය කර 8 ශ්‍රේණියට විභාගයක් හඳුන්වාදෙන බවත් ඒ සමගම තවත් වසර 2 කින් පමණ 5 ශිෂ්‍යත්ව විභාගය අහෝසි වනු ඇති බවත් ජනපතිවරයා දන්වා තිබේ.
8 ශ්‍රේණියට හඳුන්වාදෙන විභාගය ජනප්‍රිය පාසල් වලට සිසුන් ඇතුළත් කිරීමේ පටු අදහසින් නොව විෂය මූලික හා රැකියාභිමුඛ අධ්‍යාපනයකට සිසුන්ට අඩිතාලම ලබාදීමේ එකක් වනු ඇති බවත් පවසා තිබෙන ජනපතිවරයා එහිදී 8 පන්තියේ සිට තාක්ෂණය,වෛද්‍ය විද්‍යාව, ව්‍යාපාර අධ්‍යයනය, සාහිත්‍යය කලා ආදී විෂයන්ට සිසුන් තෝරනු ඇති බවත් දන්වා සිටියේය.

රාජකීය ආනන්ද විශාකා ආදී සුපිරි යයි කියන පාසල් ක්‍රමය වෙනස් කරන බවත් ඒවායේ විශාල සිසුන් පිරිසක් සිටින බවත් සිසුන් හත්අටදහසක් ඉගෙන ගන්නා පාසල් ලෝකයේ වෙනත් රටවල නැති බවත් උපරිම සීමාව දහස කරන බවත් දන්වා සිටියේය.