https://www.gossiplankanews.com/2019/04/h-m-jayawardane-passed-away.html
ප්‍රවීණ සංගීතවේදී එච් එම් ජයවර්ධන මහතා අද (8) ජීවිතයෙන් සමුගත්තේය. ඔහු කාලයක් තිස්සේ අසනීපව පසුවූ අතර කළුබෝවිල රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී
අද දින දිවි ගමන නිමා කළේ වයස69 දීය.
හේරත් මුදියන්සේලාගේ ජයවර්ධන (එච්.එම්. ජයවර්ධන) ප්‍රසිද්ධ තනු රචකයෙකි. 

එක යායේ එකට කකා (මංගල තෑග්ග) ගංගාව මමයි වැනි ගීත කිහිපයක් පමණක් ගැයූ ගායකයෙකි.

ප්‍රවීණ ගායිකා මාලිනී බුලත්සිංහලගේ ස්වාමියාවූ හෙතෙම නව පරපුරේ ඉදිරියෙන්ම සිටින ගායක කසුන් කල්හාර ජයවර්ධනගේ පියාණන් ය.සියඹලාන්ඩුවේදී‍‍ උපතලද ඔහු පස්සර මධ්‍ය මහා විද්‍යාලයෙන්‍ අධ්‍යාපනය ලැබීය. බටනළා වාදකයෙකු ලෙස දැක්වූ දක්ෂකම් ඔස්සේ පසුව සංගීතය හදාරා එම ක්ෂේත්‍රයට අවතීර්ණ විය.

පෙම් ලොවෙදී දුටු ඔහුමද මේ, හේමන්තයේදී, සඳ තරු නිහඬයි, ඔබයි රම්‍ය සඳ කිරණ, පූජාසනයේ ඔබ
හිඳුවා, කඩමංඩියේ දොළ අයිනේ, මා එක්කලා අමනාපව වී දබර, ඇය යන්න ගියා මැකිලා වැනි ඉතා
ජනප්‍රිය ගී තනු දහස් ගණනක හිමිකරුවන්නේ ඔහුය.