https://www.gossiplankanews.com/2019/04/ahimsa-wicrematunga-against-gotabhaya-us-court.html
ඝාතනයට ලක්වූ මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග මහතාගේ දියණිය වන අහිම්සා වික්‍රමතුංග මහත්මිය විසින් හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාට එරෙහිව ඇමෙරිකාවේ
සිවිල් නඩුවක් ගොනු කර තිබේ.

තම පියාගේ ඝාතනය සඳහා හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා වගකිව යුතු බවත් ඒ සඳහා වන්දියක් ගෙවන ලෙසත් ඉල්ලමින් ඇය මෙම නඩුව ගොනු කර තිබේ.

අමෙරිකාවේ කැලිෆෝනියා නුවර දිස්ත්‍රික් අධිකරණයේ මෙම නඩුව ගොනු කර තිබේ. අමෙරිකානු පුරවැසියෙක් වෙන ගෝඨාභය රාජපක්ෂ මහතා මේ වන විට ඇමෙරිකාවට ගොස් තිබේ.

මේ අතර එළැඹෙන ජනපතිවරණය වෙනුවෙන් ශ්‍රී ලංකාවේදී තරග වැදීමට අපේක්ෂා කරන බව කියන ගෝඨාභය රාජපක්ෂ මහතා එයට සුදුසුකම් සපුරාගැනීම පිණිස ඇමරිකානු පුරවැසිකම අත්හැරීමට අවශ්‍ය ලිපි ලේඛන ලංකාවේ ඇමරිකානු තානාපති කාර්යාලය වෙත පසුගිය මාර්තු 6 ලබාදී තිබෙන බවද වාර්තා විය.

අහිම්සා වික්‍රමතුංග මහත්මියගේ නඩුව ඇමෙරිකාවේ විභාගවීම ඇරඹුනොත් එම නඩුව අවසන්වනතුරු ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පුරවැසිකම ඇමරිකාවෙන් ඉවත්කිරීම සිදු නොවනු ඇතැයිද වාර්තා පළව තිබේ.

මීට පෙර පසුගිය ජනවාරි මස සතිඅන්ත ඉරිදා පුවත්පතකට ලසන්ත ඝාතනය ගැන හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ තොරතුරු හෙළි කර තිබූ අතර එහිදී කියා තිබුනේ ‘ඇත්තටම ලසන්තව මැරුවේ කව්ද කියන එක මේ හැමෝම දන්නවා. ලසන්ත ගැන සැමරුම් ලිපිය ලිව්වා කියන ලසන්තගේ දුවත් ඒ බව දන්නවා.' ලෙසිනි.
සිය පියාණන්ගේ  ඝාතන හෙළිදරව්වට පිළිතුරක් ලබාදෙමින් ඕස්ට්‍රෙලියාවේ මෙල්බර්න් නුවර පදිංචිව සිටින  අහිම්සා වික්‍රමතුංග ලංකාවේ සන්ඩේ ඔබ්සවර් පුවත්පත අමතා පිළිතුරක්ද යොමු කර තිබූ අතර ඇය ඇමරිකාවේදී නඩු මගට එළැඹෙන්නේ ඉන් අනතුරුවය.

ඇය සන්ඩේ ඔබ්සවර් පුවත්පතට ගෝඨාභය ගැන සැපයූ පිළිතුර ඇතුළත් ගොසිප් ලංකා පෙර ලිපිය මෙතැනින්