පසුගියදා රටේ කතාබහක් ඇති කළ මරණීය දන්ඩනය ලබාදීම පිණිස අලුගෝසු තනතුර නැවත ඇති කිරීම සම්බන්ධ තෝරාගැනීම් මේවනවිට අවසන්ව ඇත.

 පුවත්පත් නිවේදනයට අනුව
අයදුම් පත්‍ර එකසිය ගණනක් ලැබී ඉන් 79ක් සම්මුඛ පරීක්ෂණ සඳහා කැඳවා තිබූ නමුත් ඊට පැමිණ ඇත්තේ 32 පමණක් බවද වාර්තා වේ.
එයින් 2 නෙකු තෝරාගන්නට සම්මුඛ පරීක්ෂණය පැවැත්වූ නිලධාරීන් කටයුතු කර තිබේ. එම දෙදෙනාගේ අනන්‍යතාව හෙළි නොකරන බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව දන්වා ඇත. කෙසේ වෙතත් එම දෙදෙනාගෙන් එක් අයෙකු උපාධිධාරියකු වන බව පැවසේ.
තෝරා ගන්නා දෙදෙනා රජයේ නීති ප්‍රකාරව මානසික රෝග පිළිබඳ වෛද්‍යවරයකු වෙත ඉදිරිපත් කිරීමට ද නියමිතය.
ඉන් අනතුරුව මොවුන් දෙදෙනාට මසක පුහුණුවක් ලබාදීමෙන් පසුව රාජකාරියේ යෙදවීමට නියමිතය.
වසර 2012 සිට අළුගෝසු තනතුරේ පුරප්පාඩු පවතින අතර මෙය කම්කරු ශ්‍රේණියේ තනතුරක් වන අතර වැටුප රුපියල් 36,625කි.