https://www.gossiplankanews.com/2019/04/dalada-maligawa-video-ban.html
විදේශික පිරිමි දෙදෙනෙකු මනාලයකු හා මනාලියක උඩරට ඇඳුම් ඇඳගෙන මහනුවර දළදා මාලිගය ආසන්නයේ විකාරරූපී වීඩියෝ රූගත කිරීමක් සිදු කරන්නට යාම නිසා ඊයේ උණුසුම් තත්වයක් හටගෙන තිබේ.සාම්ප්‍රදායික නිළමේ ඇඳුමට තිබෙන ගරුත්වය හෝ දළදා මාළිගා පරිශ්‍රය තුළ පවත්වා යායුතු විනය
ගැන තැකීමක් නොකර නිලමේ අන්දවා මහනුවර

දළදා මාළිගාව ආසන්නයේ පිහිටි ප‍්‍රසිද්ධ හෝටලයක් ආසන්නයේ වාර්තා චිත‍්‍රපටයක් රූපගත කරන බව හඟවමින් මෙම කටයුත්ත සිදුවෙමින් පැවති අතර ප්‍රදේශවාසීන් කළ ප්‍රශ්න කිරීම් වලදී එහි නිෂ්පාදිකාව ලෙස කටයුතු කළ විදෙස් ජාතික කාන්තාව දන්වා ඇත්තේ සමරිසි විවාහයක් පදනම් කර ගෙන වාර්තා චිත්‍රපටයක් මෙහිදී රූගත කරමින් සිටි බවකි.
මෙම වාර්තා වැඩසටහන එංගලන්තයේ නිෂ්පාදනයක් වන්නක් බවත් එතැන සිටි මෙරට නියෝජිතවරියක සඳහන් කළ අතර ඊට මෙරට නිසි බලධාරීන් විසින් අවසර ලබාදී ඇති බවද දන්වා තිබේ.
කෙසේ වෙතත් මහනුවර ප්‍රදේශවාසීන්ගෙන් එල්ල වූ දැඩි විරෝධය නිසා එම රූගත කිරීම නතර කිරීමට සහ දර්ශන මකා දැමීමට ඔවුන් පසුව කටයුතු කරන ලදී.
මේ සම්බන්ධයෙන් තම කණගාටුව පළකරන බව විදේශීය කාන්තාවක් එහිදී සඳහන් කර ඇත.
අදාළ රූප රාමු කිහිපයක් පහතින්