වීරවිල පැවැත්වෙන යොවුන්පුරයට සමගාමීව එම ප්‍රදේශයේ සිදු කරන විශේෂ මෙහෙයුම් අතරතුරදී යොවුන්පුරයට පැමිණෙන තරුණයන් ඉලක්ක කර ගනිමින් ගංජා අලෙවි කිරීමට පැමිණි පුද්ගලයන්
දෙදෙනකු අත් අඩංගුව‍ට ගැනීමට තංගල්ල කොට්ඨාස
සංවිධානාත්මක අපරාධ මැඩලීම් ඒකකයේ නිලධාරීන් 31දා සමත්වී තිබේ. මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ තිස්සමහාරාම අක්කරන්කාගොඩ පදිංචි වයස අවුරුදු 20 හා 29 වයසේ පසුවන දෙදෙනෙකි.

සැකකරුවන් දෙදෙනා කතරගම පාරේ ජුල්පල්ලම ඉන්ධනහල අසලදී අත්අඩංගුවට පත්ව තිබේ. 20 හැවිරිදි සැකකරු සතුව තිබී ගංජා මිලිග්‍රෑම් 400ක් හා 29 හැවිරිදි සැකකරු සතුව තිබී ගංජා මිලිග්‍රෑම් 450ක්
පොලිස් අත්අඩංගුවට ගෙන ඇති අතර ප්‍රශ්න කිරීම්වලදී අනාවරණය වී ඇත්තේ වීරවිල පැවැත්වෙන යොවුන්පුරයට පැමිණෙන පුද්ගලයන් සඳහා අලවි කිරීමට ගංජා රැගෙන යමින් සිටි බවයි. සැකකරුවන් දෙදෙනා වැඩිදුර විමර්ශන කටයුතු සඳහා තිස්සමහාරාම පොලිසියට භාරදී තිස්සමහාරාම මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

-ඩී.එන්.ජයසේකර-