ජාතික රෝහලේ සේවය කරන ලිපිකාරීනියක් එම රෝහලේ නියෝජ්‍ය ගණකාධිකාරී එච්. නිශාන්ත මහතාගේ
මුද්‍රාව හොරට කපාගෙන කාන්තා පිරිස් පාලන
නිලධාරිනියගේ අස්සනද හොරට යොදාගන බැංකුවකින් රු. 50,000ක මුදලක් ලබාගැනීමට දැරූ උත්සාහයක් ව්‍යර්ථ වී තිබේ. බැංකු නිලධාරියාට ණය අයදුපතේ සඳහන් සීල් එක ගැන සැක සිතී ඒ පිළිබඳ රෝහලින් විමසා තිබේ.

එහිදී අනාවරණය වී ඇත්තේ 40% ණය සීමාව මත ණය අයදුම් කිරීමට ඇයට නොහැකි නිසා ඇය මෙම වංචාවට පෙලැඹී ඇති බවය. මෙම සිද්ධිය සම්බන්ධව සෞඛ්‍ය අමාත්‍යංශයේ විමර්ශන අංශයට පැමිණිලී කර තිබේ. මෙම ලිපිකාරිනියට විරුද්ධව විනයානුකුලව පරීක්ෂණයක් සිදුකිරීමට නියමිත බව ජාතික රෝහලේ නියෝජ්‍ය ගණකාධිකාරී එච්. නිශාත්ත මහතා පවසයි.

-චන්දන පෙරේරා-