https://www.gossiplankanews.com/2019/04/amal-perera-released-but-absent.html
මාකඳුරේ මධුෂ් සමග අත්අඩංගුවට පත්ව ඩුබායි රාජ්‍යයෙන් පිටුවහල් කළ පිරිස් පසුගියදා ලංකාවට වරින් වර පැමිණි අතර ඩුබායි වලින් පිටුවහල් කළ රයන් වැන් රොවන් අද අත්අඩංගුවට පත්වූ බව වාර්තාවේ.
ඩුබායි වලින් පිටුවහල් කරන ලද රයන් හිලරි වැන්රොවන් ඇතුලු පුද්ගලයින් 5 ක් අද අළුයම කටුනායක ගුවන් තොටුපලට පැමිණෙන ලදි. ඔවුන් UL - 266 දරන ගුවන් යානයෙන් අළුයම 05.25 පැමිණ ඇති අතර
එහිදී ඔවුන් ප්‍රශ්න කිරිම සදහා ගුවන්තොටුපොල අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තු ඒකකය භාරයට ගෙන ඇත.

ජනප්‍රිය ගායන ශිල්පී අමල් පෙරේරාද මේ වනවිට පිටුවහල් කර තිබෙන බවත් ඔහුද ලංකාවට එන්නට ගුවන් ටිකට්පත් වෙන්කරගෙන තිබූ බවද
වාර්තා විය. ඒ අනුව අප්‍රෙල් 1 වනදා අලුයම් කාලයේදී ලංකාවට පැමිණීමට නියමිතව තිබූ ගුවන් යානයක පැමිණෙන මගීන් ලැයිස්තුවේ අමල් පෙරේරාගේ නම තිබී ඇත. ඔහුව ගුවන් තොටුපළට ආ විගස ප්‍රශ්න කිරීමට රැඳුවම් භාරයට ගැනීමටද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සූදානම්ව සිට ඇත.
නමුත් ඔහු එම ගුවන් යානයෙන් පැමිණ නොමැති බවත්

මෙරටට පැමිණිම සඳහා වෙන්කරවාගත් ගුවන් ගමන් ටිකට් පත පසුව ඔහු අවලංගු කරගෙන ඇතැයි ආරංචි මාර්ගවලින් පැවසේ.

පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය. රාජ්‍ය බුද්ධි අංශය සහ අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව එක්ව මේ වනවිට පිටුවහලුන් රඳවාගැනීම පිණිස කටුනායක දියත් කර ඇති මෙහෙයුම දවසේ පැය විසි හතර පුරාම ක්‍රියාත්මක වන අතර එම පරිශ්‍රයේ සැකකටයුතු අයගේ පැමිණීම නිරීක්ෂණය පිණිස වෙනම නිලධාරීන් රැදී සිටින බවත් වාර්තා විය. ඩුබායි රාජ්‍යයේ සිට මෙරටට පැමිණෙන අය විමර්ශනය සඳහා ජ්‍යෙෂ්ඨ
පොලිස් නිලධාරීන් 07 දෙනකුගෙන් යුත් විශේෂ පොලිස් කමිටුවක් ද පත් කර ඇත.

ගායන ශිල්පී අමල්ගේ පුත් නදිමාල් පෙරේරා පැමිණි අවස්ථාවේදී නදීමාල් ටික වේලාවකට පොලිස් භාරයට ගැනුණ නමුත් ඔහු පසුව නිදහස්විය. නමුත් අමල් පෙරේරා මේ ආකාරයට කට්ටි පනින්නේ කවර හේතුවක් නිසාදැයි පැහැදිලි නැත. ඔහුගෙන් පොලිසිය ප්‍රශ්න කිරීමට ලක්වුවහොත් අනෙක් අය ගැන වැඩි විස්තර අනාවරණය වේයයි පවතින බිය නිසා මේ ආකාරයට සැඟවෙන්නට උත්සාහ කරනවාදැයි පොලිසියට සැක මතුව තිබේ.
පිටුවහල් කිරීමෙන් අනතුරුව ලංකාවට පැමිණි අය අතර අද පමිනි රයන් වැන් රොයන් ගායන ශිල්පී අමල් පෙරේරාගේ පුත් ගායක නදීමාල් පෙරේරා සහ බන්ධනාගාර නියාමක කෝදාගොඩ ආරච්චිගේ ලලිත් කුමාරත් මොහොමඩ් ඉම්රාන් (කංජිපානි ඉම්රාන්) මොහොමඩ් සිද්ධික් මොහොමඩ් සියාම් සහ විරසිංහගේ ලංකා සජිත් පෙරේරා යන පිරිස වන අතර නිදහස් වූයේ නදීමාල් පමණි.
මේ අතර ඩුබායිහි සිට පිටුවහල් කළ රයන් ඇතුළු 5 දෙනා අද (4) උදෑසන කටුනායකදී පොලිස් භාරයට පත්වූ පසු ඔවුන් සම්බන්දයෙන් සිදු කරන ක්‍රියාමාර්ග ඉදිරියේදී පොලිසිය දැනුවත් කරන බව දන්වා ඇත.