තමන් බැණ වැදුණේ තමන්ට දුරකථනයෙන් ඇමතුම් පුද්ගලයා භික්ෂූන් වහන්සේ නමක් යැයි නොදැන බව
ඇමැති ලක්ෂ්මන් කිරිඇල්ල මහතා සඳහන් කරයි.

නිවේදනයක් නිකුත් කරමින් ඒ මහතා සඳහන් කරන්නේ තමන් පාර්ලිමේන්තුවේ සභානායක කාර්යාලයේ කාර්ය බහුල වී සිටින අවස්ථාවක පැමිණි එම දුරකථන ඇමතුමෙන් කතා කළ පුද්ගලයා තමනට තර්ජනාත්මකව ඇමතූ බවයි.

තමන් ලක්ෂ 500ක් සොරකම් කළ ඇතැයි එම පුද්ගලයා තමනට චෝදනා කල බවත් එම අවස්ථාවේ ආවේගශීලීව ඊට පිළිතුරු දුර බව ද ඇමැතිවරයා සඳහන් කරයි.

කෙසේ වෙතත් එම ඇමතුම ලබා ගත්තේ භික්ෂූන් වහන්සේ නමක් යැයි තමන් දැනගත්තේ රාත්‍රී ප්‍රවෘත්ති විකාශයන් බවද පවසන ඇමතිවරයා තමන්ගේ එම කටයුත්තෙන් කිසියම් භික්ෂූන් වහන්සේ නමකට හෝ සංඝරත්නයද අපහාසයක් වූයේ නම් ඒ පිළිබඳ ඉතා දැඩි කනගාටුවට පත්වන බවද සඳහන් කරයි.