මාතලේ උතුරු මාතලේ ප්‍රදේශයේ නිවසක් ඉදිකිරීමට බැකෝ යන්ත්‍රයක් ආධාරයෙන් ගෙපළක් කැණීම් කරමින් සිටියදී 31 දා පොල් ගසක මුලක් ඉදිරීමේදී ඒම මුලට යටවී කුඩා දරුවෙකු බරපතළ තුවාල
ලබා එම ස්ථානයේදීම ජීවිතක්ෂයට පත් වූ බව
මහවෙල පොලීසිය පවසයි.

මෙලස ජීවිතක්‍ෂයට පත්වූයේ මාතලේ, උතුරු මාතලේ ප්‍රදේශයේ පදිංචි නාගේන්ද්‍රන් ලක්ෂාන් (අවු. 2 1/2) නමැති  දරුවකි.

මිය ගිය දරුවාගේ නිවසට අල්ලපු ඉඩමේ නිවසක්  ඉදිකිරීමට භූමිය සකස් කිරීමට යොදාගත් බැකෝ යන්ත්‍රයෙන් පොල් ගසක මුලක් ඉවත්කර තිබේ. එම මුල ගැලවී අසල නිවසේ මිදුලේ සෙල්ලම් කරමින් සිටි එම කුඩා  දරුවාගේ ඇඟ මතට වැටීමෙන් මෙම අනතුර සිදුවී ඇති බව පරික්ෂණවලදී අනාවරණය විය.

සිදුවීමට අදාළ බැකෝ යන්ත්‍ර රියදුරු මහවෙල  පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත. සිද්ධිය සම්බන්ධයෙන් මහවෙල පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.