https://www.gossiplankanews.com/2019/04/Rashmis-story.html#more
සුගියදා අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල අනුව ඇහැලියගොඩ ජාතික පාසලේ රශ්මි නිමේෂා ගුණවර්ධන සිසුවිය A සාමාර්ථ 8කුත්, B සාමාර්ථයකුත් ලබා සමත්වූවාය. ඇගේ  විශේෂත්වය නම් ඇය අත්දෙකම හා පාදයක් අහිමි නමුත් සුවිශේෂ දක්ෂතාවලින්
අනූන සිසුවියක වීමයි.
ඇය අධ්‍යාපනයට මෙන්ම ගීත ගායනයට හා සංගීතයට දක්සතා දක්වා ඇති අතර ජාත්‍යන්තර තරග පවා ජයගෙන ඇත. තමන් අමාරුවෙන් නැගී සිටි ආකාරය කියාදෙන ධනාත්මක චින්තනය පාදක කරගත් සංගීතය හා මුසු දේශන මාලාවක් අනාගතයේ පවත්වන්නටත් ඇය සැලසුම් කරයි.


උපතින්ම අත් දෙකක් සහ පාදයක් අහිමිව ඉපිද සිටි ඇය අධ්‍යාපනය ලබා ඉහළට ඒමට වීරීය ගත්තද ඇයට තම එදිනෙදා ජීවන කාර්යන් පවා ඉටු කරගැනීමට නොහැකි පසුබිමක් පැවති අතර තම ආදරණීය දෙමාපියන්ගේ මගපෙන්වීම හා ශක්තිය තුළින් තමන්ට ඉතිරිව තිබූ එකම පාදය අවියක් කර ගනිමින් මින් ඉහත පහ වසර ශිෂ්‍යත්ව විභාගයෙන් ලකුණු  153ක් ලබාගන්නටත් පසුව මෙම ප්‍රතිඵලය ලබාගන්නටත් හැකි විය. සංගීත ගුරුවරියකවූ මවගේ ආභාසය නිසා ඇය සංගීතයටද නැඹුරු විය.

අනාගතයේ ගණකාධිකාරිවරියක වන්නට ඇය බලාපොරොත්තුවන අතර තමා ආ ගමන්මග තමා වැනි අන් අයටද පහසුවෙන් ළඟා කරගත හැකි බව ඇය කියයි.
 බාහිර බලවේගයන් බාධාවක් කර නොගෙන ජීවන ගමන ගෙන යන අයුරු තවත් දහස් සංඛ්‍යාත සහෝදර පාසල් දරුවන්ට කියා දීම සඳහා රශ්මි ධාරා නමින් ඒක පුද්ගල ගී මියැසියක් සහ සිත් තුළ ධනාත්මක හැඟුම් පුබුදුවන වැඩසටහනක් නුදුරේ දී ක්‍රියාත්මක කිරීමට අදහස් කරන බව ඇය පවසා සිටියාය.
පසුගිය සතිඅන්තයේ රූපවාහිනී වැඩසටහනකට පැමිණි රශ්මි ඇගේ දක්ෂතාවයන් එලිදක්වා තිබුනේ පහත පරිදිය.