ඉකුත් 21දා කොළඹ හෝටල් කිහිපයක වූ පිපුරුම් සමඟ කොළඹ සිට විදෙස් යුවළක් රැගෙන තලාතුඔය ප්‍රදේශයේ හෝටලයක් වෙත පැමිණියේ යැයි කියන පෞද්ගලීක කුලී රථ සේවාවක තරුණ රියැදුරකු හා
මෝටර් රථ තලාතුඔය පොලිසිය මඟින් එදින
රාත්‍රි අංකෙළිපිටිය ප්‍රදේශයේදී සැකපිට අත්අඩංගුවට ගෙන තිබේ.

මෙම තරුණයා තමා සමඟ පැමිණි විදෙස් යුවළ පිළිබඳව හෝ ඔවුන් පැමිණි ස්ථානය පිළිබදව කිසිවක් නොදන්නා බව පොලිසියට ප්‍රකාශ කර ඇති අතර ඔහු කියා ඇත්තේ තමා පෞද්ගලික ටැක්සි සේවාවක රියැදුරකු ලෙස සේවය කරන බවත් ගුගල් සිතියම් ආධාරයෙන් කොළඹ සිට පැමිණි බවත්ය.

ඇදිරි නීතිය පවතින අවස්ථාවක එයද නොතකා මෙසේ පැමිණීම පිළිබඳ ඔහුගේ ප්‍රකාශ විශ්වසනීයභාවයෙන් තොර බැවින් පොලිසිය මඟින් මොහු අත්අඩංගුවට ගෙන ඇත. සැකකරු අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතය.

-සරත් උළුවිටිකේ-