https://www.gossiplankanews.com/2019/04/9-floor-nawaloka-ast-manager-suicide.html
කොළඹ නවලෝක රෝහලේ 09 වන මහලෙන් බිමට පැන එහි කාර්යාලයීය සේවිකාවක සියදිවි හානිකර ගැනීමේ සිදුවීමක් පෙරේදා (11) වාර්තාවී තිබේ.
සිද්ධියෙන් මියගොස් ඇත්තේ 
35 හැවිරිදි කරුන්යා සින්ගාරවෙල් නමැති රෝහලේ සහය කළමනාකාරිනියකි.

ඇය මානව සම්පත් කළමනාකරණ අංශයේ රැකියාව කරමින් සිටි බවද වාර්තාවේ.

11 වෙනිදා උදැසන 8.30ට පමණ සේවයට වාර්තා කර ටික වේලාවකින් 9 වන මහළේ ජනේලයක් අසළට ගොස් ඇය ඉන් පිටතට පැන මෙලෙස සියදිවිහානි කරගෙන ඇත.
පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ උපාධිධාරිනියක වන ඇය මානව සම්පත් කළමනාකරණ ක්ෂෙත්‍රයේ කාලයක් තිස්සේ සේවා පළපුරුද්ද ලබා ඇති තැනැත්තියකි. සියදිවිනසාගැනීමට හේතුව පුද්ගලික එකක් විය හැකි බවට සැක කෙරේ.ඇගේ මරණය සම්බන්ධයෙන් පොලිසිය පරීක්ෂණ අරඹා තිබේ.