තහනම් සංවිධානයකට සම්බන්ධ යැයි සැකපිට ශ්‍රී ලාංකිකයන් හතරදෙනෙකු ලන්ඩනයේදී අත්අඩංගුවට ගෙන තිබෙයි.

පසුගිය දහවෙනිදා
රාත්‍රියේ ලන්ඩනයේ ලූටන් ගුවන්තොටුපලට පැමිණි අවස්ථාවේදීයි ලන්ඩන් පොලිසිය ඔවුන් අත්අඩංගුවට ගෙන  ඇත. 2000 වසරේ ත්‍රස්ත විමර්ශන පනතේ එකොලොස්වෙනි වගන්තියට පටහැනි තහනම් සංවිධානයක් ඔවුන් නියෝජනය කරන බව ලන්ඩනයේ මෙට්‍රෝපොලිටන් පොලිසිය  සදහන් කර තිබේ. ඒ අනුව ඔවුන් පොලිස් සහ අපරාධ පරික්ෂණ පනත යටතේ අත්අඩංගුවට ගෙන තිබෙන අතර සැකකරුවන් සිව්දෙනා පොලිසියේ රදවා ගෙන ප්‍රශ්න කරන බවද ලන්ඩන් මාධ්‍ය අනාවරණය කර තිබේ.