මාකදුරේ මදූෂ්  සමග ඩුබායිහීදී  අත් අඩංගුවට ගෙන රදවා තබා ගෙන සිටි තවත් 06 දෙනෙකු පිටුවහල් කිරීමෙන් පසු අද (17)
දින අලුයම කටුනායක ගුවන් තොටුපළ වෙත එවා තිබේ .

ඔවුහු
මහවත්තගේ ගයාන් බුද්ධිම පෙරේරා ,
මොහොමඩ් රිසාන් මොහොමඩ් බදුර්දීන් ,
සුරේෂ් වසන්ත රණසිංහ
රූපදාස සයිමන් හේවගේ  ,
මොහොමඩ් හිබ්‍රි මොහොමඩ් ජබීර් සහ
නිලාන් රොමේෂ්  සමරසිංහ යන අය වෙති .
මේ අය අතරින් නිලාන් රොමේෂ්  සමරසිංහ යනු මදුෂ්ගේ ළඟ ඥාතියෙකු බවද පැවසේ.
අද (17) අලුයම 5.20 ට ඩුබායි සිට පැමිණි ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 226 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපළ වෙත එවා තිබූ මොවුන් කටුනායක ගුවන් තොටුපළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු සහ ජාතික රහස් තොරතුරු ඒකකයේ නිලධාරීන් විසින් ප්‍රශ්න කිරීම සදහා රැගෙන ගොස් තිබේ.