අද ප්‍රංශයේ පැරිස් නුවරදී ගිනිගෙන විනාශවූ වසර 850 ක් පැරණි Notre-Dame දේවස්ථානය පැවති ආකාරයෙන්ම යළි ප්‍රතිෂ්ඨාපණය කරන බව ප්‍රංශ ජනපති එමැනුවල් මැක්‍රොන් ප්‍රකාශ කර තිබේ.

මෙම කුළුණ විනාශවීම
අද දිනයේ ලොව පුරා කතෝලික බැතිමතුන්ගේ කම්පනයට හේතුවූ අතර සිය ගණන් ධනපතින් මෙම විනාශවූ කුළුණ නැවත සදන්නේ නම් ධන පරිත්‍යාග කරන බව දන්වා තිබුණි.
ලෝකයේ ප්‍රකට විලාසිතා සන්නාමයන් වන Gucci and Yves Saint Laurent අධිපතිත්වය දරන Kering group නිර්මාතෘ François-Henri Pinault යුරෝ මිලියන 100 ක්ද Louis Vuitton සහ Sephora සන්නාමයන් අධිපතිත්වය දරන Bernard Arnault පවුල යුරෝ මිලියන 200 ක්ද පරිත්‍යාග කරන්නට කැමති බව ජාත්‍යන්තර මාධ්‍ය වෙත දන්වා තිබුණි.