https://www.gossiplankanews.com/2018/12/ranil-astrological-bad-luck.html
යේ 16 ඉරිදා උදේ 11.16ට අගමැති ලෙස රනිල් වික්‍රමසිංහ  දිවුරුම් දීමට සූදානම්ව සිටි නමුත් ජනපති මෛත්‍රී හිතාමතා පමාවී පැමිණ නැකැත වැරැද්දූ බවත් මේ නිසා පමාවී අසුබ නැකතක් යෙදෙන 11.24 ට රනිල් අගමැති ලෙස දිවුරුම් දුන් බවත්
සමාජ ජාලා වල රාවයක් පැතිර ගොස් තිබේ.මේ නිසා

අගමැති රනිල්ගේ ඉදිරි කටයුතු අසුබ බවත් ඒ සමගම අදහස් පළ කර තිබේ.

ජනපති මෛත්‍රී ඊයේ දිවුරුමෙන් පසු රනිල් ඉදිරියේ විරුද්ධ ලෙස කථාකිරීමත් මේ ආකාර හැසිරීමක් සිදු කළේය යන්න ඒත්තු ගන්වන්නට හේතුවී ඇත. මෙම කතාව ඇත්තක්ද නැද්ද යන්න ජ්‍යොතිෂ්‍යය ගැන විශ්වාසයක් ඇති නැති සියල්ලන්ට කුතුහලයක් පැනනැගී තිබේ.

කෙසේ වෙතත් මෙම නැකත සාදා දුන් බව කියන ප්‍රවීණ ජ්‍යොතිෂ්‍යවේදී සරත් චන්ද්‍ර මහතා මෙම කාරණාව ප්‍රතික්ෂේප කර තිබේ.

 ඔහු සත්‍ය ලෙසම සාදා දුන් නැකත 11.17 වූ නමුත් 11.16 ද ඒ ලෙසම සුබ බවත් අගමැතිවරයා ඒ නැකතට දිවුරුම් දුන් බව තහවුරු කර ඇති බවත් පෙන්වා දෙන අතර 11.24 කතාව අසත්‍යයක් බව කියයි. එසේම 11.24 අසුබ නොවන බවද ඔහු පවසයි.
ඒ ගැන සඳහන් වන සමාජ ජාල පණිවිඩ උපුටනය පහතින්