අද 17 උදෑසන ශ්‍රී ජයවර්ධනපුර පාර්ලිමේන්තු සංකීර්ණයේ ගෑස් කාන්දුවක් සිදු වී යැයි පැතිර ගිය  ආරංචියක් නිසා
පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලය  පාර්ලිමේන්තු සංකීර්ණයෙන් ඉවත් කිරීමට ආරක්ෂක අංශ  කටයුතු කර තිබේ.
මන්ත්‍රී භෝජනාගාරයේ ගෑස් ලිප් පැවති

කොටසේ මෙම කාන්දුව හටගෙන තිබෙන බවට සැලවිය. කෙසේ වෙතත් එහි සත්‍ය අසත්‍යතාවය ගැන තවම සනාථ කර නැත.
පාර්ලිමේන්තු පොලීසිය හා ආරක්ෂක අංශ මේ පිළිබඳව සෝදිසි කරන බවත් විශේෂ කාර්ය බලකායද කැඳවා ඇති බවත් වාර්තාවෙයි.


Pics Courtesy By-lankadeepa.lk