https://www.gossiplankanews.com/2018/12/mahinda-oppotition-leader.html#more

2.50 pm update
අද දින සභාවාරයේ කල්තැබීමේ විවාදය සවස 4.30 දක්වා පැවැත්වෙන අතර අනතුරුව හෙට දවල් 1 දක්වා කල්තබන්නට යෝජනා කර ඇත.
විවාදය අරඹමින් ජවිපෙ මන්ත්‍රීවරුන් වන
නලින්ද ජයතිස්ස හා විජිත හේරත් පසුගිය දින 50 රට සෙලවූයේ විධායක ජනපති තනතුර බවත් එය කාට ලැබුණත් මෙවැනි විකාර වියහැකි බවත් පෙන්වා දුන් අතර ඒ නිසා 20 වන සංශෝධනයට එකඟවී විධායක බලතල සීමා කරන යෝජනාවට පක්ෂපාතී වන ලෙසත් දන්වා සිටියහ. එහි කිසිදු වගන්තියකින් රට බෙදන යෝජනා නැති බවත් හැකිනම් ඒවා ඔප්පු කර පෙන්වන ලෙසත් දන්වා සිටින ලදි.

 1.30 pm update
අද දින පාර්ලිමේන්තු රැස්වීම අතරවාරයේ රජයට සහාය දැක්වීමට ශ්‍රිලනිප මන්ත්‍රීවරුන් තිදෙනෙක් පැති මාරු කළහ. විජිත් විජිතමුනි සොයිසා,ලක්ෂ්මන් සෙනෙවිරත්න හා ඉන්දික බන්ඩාරනායක එම මන්ත්‍රීවරුන්ය.
විජිත් විජිතමුනි සොයිසා සිය පක්ෂ මාරුව
සම්බන්ධ සංවේදී කතාවක් කළේය.

1.25 pm update
සුමන්තිරන් මහතාගේ තර්කය වැරදි එකක් බවත් මින් ඉහත චන්ද්‍රිකා ජනපති සමයේ විපක්ෂනායක ලෙස රත්නසිරි වික්‍රමනායක අගමැති රනිල් ලෙස සිටි කාලයේ කටයුතු කළ බවත් උදය ගම්මංපිල හා දිනේෂ් ගුණවර්ධන අදහස් දැක්වීය.
මේ අතර කිරිඇල්ල මන්ත්‍රීවරයා කියා සිටියේ
ඒ සමයේ චන්ද්‍රිකා මැතිනිය දැරුවේ ජනපති ධූරය පමණක් බවයි.
අජිත් පී පෙරේරා හා රාවුෆ් හකීම් මන්ත්‍රීවරුන්ද විපක්ෂ නායක ධූරය මහින්ද රාජපක්ෂට ලබාදීමට එරෙහිව කතා කළහ.
කෙසේ වෙතත් කතානායකවරයා දැනටමත් මේ බව නිවේදනය කර තිබීම මත ඔහු පවසා සිටියේ අවශ්‍ය නම් මේ ගැටලු ලිඛිතව දන්වන ලෙසයි.



1.10 pm update

අද පාර්ලිමේන්තු රැස්වීම ආරම්භයේදීම විපක්ෂ නායකවරයා ලෙස මහින්ද රාජපක්ෂගේ නම කතානායකවරයා නිවේදනය කළ නමුත් ඒ සමගම නැගී සිටි සභානායක ලක්ෂ්මන් කිරිඇල්ල මහින්ද රාජපක්ෂ ඇතුළු පිරිසගේ
මන්ත්‍රී ධූරය පක්ෂ
මාරු කිරීම නිසා අහෝසි බවත් ඒ අනුව ඒ ගැන සලකා බලන ලෙසත් දැන්වීය.
මේ අතර ටීඑන්ඒ සුමන්තිරන් මන්ත්‍රීවරයා දන්වා සිටියේ එජනිස නායක ලෙස මෛත්‍රිපාල සිරිසේන ජනපති කැබිනට් ඇමතිධූරද දරමින් සිටියදී එජනිස සාමාජිකයෙකු විපක්ෂ නායක කිරීම ගැටලු කාරී බවයි.