අද දහවල් රැස්වීමට නියමිත පාර්ලිමේන්තු රැස්වීමේදී ශ්‍රීලනිප මන්ත්‍රීවරුන් හැටියට කටයුතු කරන මන්ත්‍රීවරුන්
කිහිපදෙනෙකු එජාප ආණ්ඩුව වෙත එක්වනු ඇතැයි ආරංචි පැතිර තිබේ.
ඊයේ ශ්‍රිලනිප රැස්විමේදී තම මන්ත්‍රීවරුන් 21 දෙනාම විපක්ෂයේ සිටිය යුතු බවට ජනපති අණ කළද එම අණ නොතකා නව රජයට සහාය දීමට මේ අය ඉදිරිපත්වනු ඇතැයිද වාර්තාවේ.
 ඒ අය අතර විජිත් විජයමුණිගේ නම ඉදිරියෙන්ම තිබේ.


 පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත් විජයමුණි ද සොයිසා මහතා අද දින එක්සත් ජාතික පෙරමුණ සමඟ එකතුවීමට නියමිත බව රන්ජන් රාමනායක මහතා සහ ලක්ෂ්මන් කිරිඇල්ල මහතා මාධ්‍ය වෙත තහවුරු කර තිබුණි.

එක්සත් ජාතික පෙරමුණේ  මන්ත්‍රීවරුන් සමඟ  විජිත් විජයමුණි සොයිසා මහතා සාකච්ජාවකද අද නිරත විය.
ඉන් අනතුරුව මාධ්‍යවේදීන් විමසුවේ එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවට එක්වන්නේද යනුවෙනි. ඊට පිළිතුරු දුන් විජිත් විජයමුණි සොයිසා මහතා පැවසුවේ රහසක් කතා කිරීමට මාධ්‍ය ඉඩ දෙන්නැනේ යනුවෙනි.

මහින්දගේ පළමු පරාජය අවස්තාවෙ 'අප්පච්චි මළා' යනුවෙන් පවසා පැත්තකට වූ ඔහු පසුව 2015 මහමැතිවරණයේදී මහින්දගේ රැස්වීම් වලට ගොස් හූ හඩ ප්‍රතිචාරයන්ට ගොදුරු විය. පසුගිය දින 50 ආණ්ඩුවේ ඇමති ධූරයක්ද ලබාගත් ඔහු එම අවස්ථාවේ පැවසුවේ ඖෂධ සහිත පෙට්ටිවල මිනී තැන්පත් කළ පසු නැවත ඉපදෙන අවස්ථා තිබෙන බවයි.