https://www.gossiplankanews.com/2018/12/diamond-robbery-pannipitiya_3.html#more
පොලිස් නිලධාරීන් වශයෙන් පෙනී සිටිමින් පන්නිපිටිය ඇරැව්වල ප්‍රදේශයේ කෝටිපති මැණික් ව්‍යාපාරිකයකුගේ නිවෙසට කඩා වැදී ඔහු සතුව තිබූ රුපියල් කෝටි 700ට අධික වටිනා දියමන්තියක් ඇතුළු මැණික් කිහිපයක් කොල්ලකෑ සිද්ධියට සම්බන්ධ මාකඳුරේ මධුෂ්ගේ තවත් ගෝලයකු පෙරේදා (1) සවස රත්මලාන මැලිබන් හන්දියේ දී කොටු විය. මාතර මල්ලී නමැති ඔහු කළ පාපොච්චාරණය අනුව මෙම කොල්ලය ගැන සියලු තොරතුරු දැන් අනාවරණය වී ඇත.අත්අඩංගුවට ගත් සැකකරු
මාතර, රොටුඹ ප්‍රදේශයේ පදිංචි තුසිත මධුරංග (38) නමින් හදුන්වන පුද්ගලයෙකි.
 කොල්ලය සඳහා මාකඳුරේ මධුෂ් ඔහුට රුපියල් ලක්ෂ 50ක මුදලක් ලබාදෙන බවට පොරොන්දු වී ඇති අතර ඒ වෙනුවෙන් අත්තිකාරම මුදල වශයෙන් රුපියල් ලක්ෂ 2ක මුදලක් හා ජංගම දුරකතනයක් ලබා දී ඇති බව වාර්තා විය.. මෙම සැකකරුට එරෙහිව මනුෂ්‍ය ඝාතන හා අවි පෙන්වා මුදල් සහ රන් බඩු කොල්ලකෑමේ සිද්ධි සම්බන්ධයෙන් නඩු 10ට වැඩි ගණනක් අති බවත් එම සිද්ධි සම්බන්ධයෙන් නඩු රාශියක් සම්බන්ධයෙන් බන්ධනාගාරගතව සිට ඇප න මුදාහරිනු ලැබ සිටින පුද්ගලයකු බව ද පොලිසිය කියයි.

මොහු කාලයක් මධුෂ් සමය කොල්ලකෑම සහ අපරාධවල නිරතව සිට බන්ධනාගාරගතව සිට ඇප මත පැමිණි පසුව වීරකැටිය ප්‍රදේශයේ විහාරස්ථානයක රියැදුරකු වශයෙන් කටයුතු කරමින් සිට ඇති බව ද පොලිසිය කියයි. මොහු ඉකුත් වසරේ මාර්තු මස සිට  මධුෂ් සමග නැවත සමඛන්ධකම් පවත්වා ඇති  අතර ඒ අනුව

රුපියල් ලක්ස 50ක මුදලක් ලබා ගැනීමේ අරමුණින් මොහු මෙම කොල්ලයට සමබන්ධ වී ඇත. මධුෂ්ගේ දැනුම් දීම අනුව ඉකුත් 4 වැනි දින මොහු පිළියන්දල ප්‍රදේශයට පැමිණ මෙම දියමන්ති කොල්ලයට සම්බන්ධ වී ඇති බව

වාර්තාවේ. මෙම දියමන්තිය බැලීම සඳහා කොල්ලය සිදුකිරිමට පෙර එම නිවසට ගිය විදේශිකයා හා මැණික් බ්‍රෝකර් එම නිවසට ගොස් ඇත්තේ මධුෂ් ගේ සැලසුමේම කොටසක් ලෙසයි.
 මොවුන් දෙදෙනා ව්‍යාපාරිකයාගේ නිවෙසට ගොස් දියමන්තිය පරික්ෂා කර බලා ඒ සියලු නොරතුරු මධුෂ්ට දන්වා ඇති අතර ඒ අනුව කොල්ලය සැලසුම් කර ඇත.

"මාතර මල්ලි" නමැති මෙම සැකකරු පිළියන්දල ප්‍රදේශයට පැමිණි පසු මධුෂ්ගේ ගෝලයන් ගමන් ගත් වෑන් රථයකට ගොඩ වී ඇති බව ද වාර්තාවේ. එම වෑන් රථයේ රියැදුරු සමග වෑන් රථයෙන් තිදෙනකු ගමන් කර ඇති අතර ඔහුට එහිදී මිලි මිටර් 3.3 වර්ගයේ රිවෝල් ගිනි අවියක් හා මාංචු කුට්ටමක් ලබා දී ඇත.

මධුෂ්ගේ ගෝලයන් මාතර මල්ලිට මාංචු කුට්ටම ලබා දෙමින් පවසා ඇත්තේ ඇරැව්වල නිවෙසට පොලිස් වෙසින් ගොස් විදේශිකයාට මාංචු දමා ඔහු වෑන් රථයට නංවා ගන්නා ලෙසයි. එම පිරිස සමග සිටි පුද්ගලයකු වෑන් රථය තුළ දී පොලිස් නිල ඇදුමට සමාන ඇඳුමකින් සැරසි ඔහු ද පිස්තෝලයකින් සන්නද්ධ වී ඇති බව ද වාර්තාවිය. සිද්ධිය වූ ඉකුත් නොවැමබර් මස 5 වැනිදා කොල්ලයට සම්බන්ධ විදේශිකයා මැණික් මිලදී ගැනීමට යැයි පවසා මැණික්

ව්‍යාපාරිකයාගේ ඇරැව්වල නිවෙසට ගොස් ඇති අතර ඊට පැය 1/2කට පමණ පසු කොල්ලකරුවන් පිරිස පොලිස්
වෙසින් එම නිවසට ගොස් කඩා වැදී ඇත. 'අපි අවෙ පොලිසියෙන් මේ විදේශිකයා අපේ සැකකරුවෙක්' කියාගෙන පොලිස් වෙස්ගත් කොල්ලකරුවන් රගපෑමක නිරතව ඇති අතර විදේශිකයා එහිදී කලේ මොනවාදැයි අසන අටියෙන් දියමන්තිය ඩැහැගැනීම සිදු කර ඇත..එහිදී කොල්ලකරුවන් එම නිවසේ පිරිස බිම දණගස්වා එහි තිබූ දියමන්ති හා මැණික් පැහැරගෙන විදේශිකයා ද සමග වෑන් රථයෙන් පළාගොස් ඇත.

මෙම කොල්ලයට පසු දින කොල්ලයට සම්බන්ධ විදේශිකයා හා මැණික් බ්‍රෝකර් වගයෙන් කටයුතු කළ ග්‍රෑන්ඩ්පාස් පදිංචි පුද්ගලයා රටින් පළාගොස් ඇනි අතර ඔවුන් මෙම කෝටි 700ට අධික වටිනා දියමන්තිය රැගෙන ගොස් මාකදුරේ මධුක් නමැන්නාට දෙන්නට ඇතැයි පොලිසිය සැක කරයි.

මෙම සිද්ධියේ මිට පෙර එක් සැකකරුවකු අත්අඩංගුවට ගෙන තිබූ අතර ඔහුගෙන් ප්‍රශ්න කිරිමේ දී හෙළි වූ තොරතුරු අනුව පරික්ෂණ පවත්වා මාතර මල්ලි රත්මලාන මැලිබන් හන්දියේ දී අඩංගුවට ගනු ලැබිණි.සැකකරු ඊයේ (2) නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර පැය 48ක රැඳවුම් නියෝග ලබා ගැනීමට නියමිතව තිබුණි